"ආරද්......"
අපි ලගට දුවන් ආව ඒ කෙල්ල සුදු බෙබි ඉස්සරහා හිට ගත්තේ මුනෙන් ලොකු හිනාවක් පුරවගෙන.
"ආරද් ඔයා ආවා කියලා ඇයි මට නොකිව්වේ...... ඔහ් වාව් ඔයා හෙඩ් උනාද....."
"ඇවිත් ඔයාට කිය කිය ඉන්න තරම් බැදිමක් අපි අතර නැනෙ රුශි....."
සුදු බෙබි කමිසෙ රැදිලා තිබ්බ බැජ් එක ඒ කෙල්ල අල්ලන්න හදන කොට එයාගෙ අත ගහලා සුදු බෙබි කිව්වේ එ තොලත් නොපිටෙට පෙරලන් සුදු බෙබි දිහා බලද්දි.
"ඔහ් කවුද මේ කියුට් බබා....."
සුදු බෙබිගෙ අතින් අල්ලන් ඉන්න මාව දැක්ක ගමන් අත් දෙකත් දික් කරන් කට අමුතු විදිහකට හදන් ඒ කෙල්ල මන් පැත්තට ආවේ මම බය වෙලා පස්සට පනිද්දි.
"එයාව අල්ලන්න හිතන්න එපා......"
මන් ලගට එන්න ආව ඒ කෙල්ලගෙ මැද්දට පැනලා සුදු බෙබි කිව්වේ මම සුදු බෙබිගෙ අත අස්සෙන් ඒ කෙල්ල දිහා බලද්දි.
"ඔයාට ඊර්ෂ්‍යායි නෙද ආරද් මම වෙන කොල්ලෙක්ව අල්ලනවට....."
අත් දෙකත් එකට කරන් පැද්දෙන ගමන් කිව්වේ ස්ටැන්ඩ් එකෙ හිටිය අයත් හිනාව අමාරුවෙන් නවත්තගෙන මේ අක්කගෙ කොලම් බලම් ඉද්දි.
"ම්ම්ම් ඊර්ෂ්‍යායි....."
සුදු බෙබි කිව්ව කතාවත් එක්ක මම ඇස් දෙකත් ලොකු කරලා සුදු බෙබි දිහා බැලුවේ අර අක්කා ලැජ්ජාවෙන් හිනා වෙද්දි.
"ඔයා ඔච්චරට ඊර්ෂ්‍යායිද ආරද් මන් වෙන කොල්ලෙක්ට ලන් වෙනවට...."
"කව්ද කිව්වේ තමුසෙ වෙන කොල්ලෙක්ට ලන් වෙනවට ඊර්ෂ්‍යායි කියලා..... මම කිව්වේ සපුව තමුසෙ වගෙ එකියක් අල්ලනව අකමැති කියලා විතරයි..... ඔනිනම තමුසෙ කොල්ලො දාහක් උනත් අල්ලනවා මට ප්‍රශ්නයක් නැ..... එනවා සපු යන්න බස් එක ආවා......"
ඒ අක්කගෙ මුනටම කිසි කැතක් නැතුව එහෙම කිව්ව සුදු බෙබි මගෙ අතිනුත් ඇදන් හොල්ට් එක ලග නැවැත්තුව බස් එකට ආවේ ඒ අක්ක අඩිය හප්පලා රවන් බලන් ඉද්දි.
ස්කොලෙ ළමයින්ගෙන්ම බස් එක පිරිලා නිසා මාව ඉඩක් තිබ්න තැනකට දැම්ම සුදු බෙබි එයාටයි සිට් එක අතරටයි මාව මැදි කරලා මගෙ ඉන වටෙ අතක් පටලන් අනෙක් අත ශිට් එකෙන් අල්ල ගත්තා. සුදු බෙබි ඔනිවට වඩා මට ලන් වෙනකොට අමුතුවට ගැහෙන පපුව අදත් වෙනසක් නොකරම ගැහෙද්දි මගෙ කම්මුල් රත් වෙලා මුළු ඇගෙම හිරියක් ගියා මට දැනුනා. ටිකක් පහත් වෙලා මගෙ උරහිස ලගට වෙන්න මුන තියන් එළිය බලන් යන සුදු බෙබිගෙ හුස්ම මගෙ කන් පෙත්තකගේ වැදෙන්න ගද්දි ශිට් එක අන්ඩ මගෙ අතට මිරිකිලා ගියා.
YOU ARE READING
සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫