20 කොටස

1.2K 160 37
                                    

උදේන්ම ඇහැරිලා මුන සොද ගත්ත මම කුස්සියට ගියේ අද කුසුමාම්මා මට කාමරෙට තේ එක අරන් ආවේ නැති නිසා. උන්දටත් වැඩ ඇති කී දෙනෙක්ගෙ එවා කියලා දැන් බලලා කරන්නද. මම කුස්සියට ගිහින් එබිලා බැලුවා කුසුමාම්මා මොනවද කරන්නෙ කියලා. පව් අනේ උන්දා හෝ ගලා ඉදි ආප්ප තම්බනවා තනියම.

"කුසුමාම්මේ......"

"අනේ සපු බෙබි කුස්සියටම ආවද..... මම මේ ටික ලිපේ තියලා තේ එකක් අරන් එන්න හිටියේ......"

"එකට කමක් නැ කුසුමාම්මා මන් හදාගෙන බොන්නම්......"

කුසුමාම්මාටත් හිනාවක් දලා හිටර් එක ගැහුව මම මගෙ මග් එකයි කිරි හදන කොප්පෙයි හොදලා අර ගත්තා. පිටි හැදි තුනක් කොප්පෙට දලා සිනි හැදි එක හමාරකුත් දාගෙන වටපිට බලලා සිනි හැන්දකු කිරි පිටි හැන්දකුයි අල්ලට දාන් කටෙ දා ගත්තේ පුරුද්දට ඉතින්. තේ ගොට්ට හොදලා තේ කොල හැදි දෙකක් දැම්ම මම හිටර් එක උතුරලා ඔෆ් උන නිසා ගොට්ටට උණු වතුර ටිකක් හලලා මුල් කහට ටික සින්ක් එකට හලලා මම මගෙ මග් එකට ඇති තරම් කහට වක් කරන් ඒ කහට ටික ආයෙත් ගොට්ටට දලා පිටි සිනි දලා තිබ්බ කොප්පෙට වක් කරෙ මට හොදට කහට තියෙන්න කිරි එක ඔනි නිසා. කිරි එක කාරු ගලා හදාගෙන පෙන එන්න ටිකක් උඩට කරලා මග් එකට වක් කර ගත්ත මන් උගුරක් බිලා බැලුවා. ම්ම්ම් ඔය තියෙන්නේ රසට.

"කන්න මුකුත් නැද්ද් කුසුමාම්මා......"

"ෆ්‍රිජ් එකෙ කෙක් වගයක් ඇති සපු බෙබි..... ආයනම් ඉතින් කැම මෙසෙ කුඩේ යටත් ඊයේ බැදපු කැව්ම් පිරිසියක් ඇති..... උදේම ලොකු මැනිකේ කොලඹ බෙබිලාට තේ බොන්න දුන්න එවා......"

"ම්ම්ම්ම්......"

ෆ්‍රිජ් එක ඇරලා ටියාරා කෙක් කැල්ලක් ගත්ත මන් තේ කොප්පෙත් අරන් එන්න ආවේ ගාර්ඩන් එකට. පුහ් උදේම නැනයි මස්සිනයි කතාවක්. ගල් බංකුව උඩට වෙලා ඉන්න සුදු බෙබියි මෙගනාවයි ගනම් නොගෙන මම කෙක් කැල්ලත් කලා තේ බොන ගමන් ගාර්ඩන් එකෙ වටෙ ඇවිදින්න ගත්තේ. ආවත් හරි මගෙ මල් පැල ටික බලන්න බැරි උන නිසා. දාන් හිටිය සෙරෙප්පු දෙකත් පැත්තකින් ගලවලා මම පින්න වැටිලා තියෙන තණකොළ ගොඩ යඩ ඇවිදින්න ගත්තේ මැනිකේ අත්තම්මා උදේ පින්න පාගන එක ඇගට හොදයි කියලා කිව්ව කතාවකුත් මතකෙට එද්දි. ගාර්ඩන් එකෙ වටෙ ඇවිද්දි මගෙ කකුල් නැවතුනේ ඊයේ මෙගනාට කඩන්න එපා කිව්ව රෝස මල් පැලේ ලග. ශනයකින් මගෙ ඇස් වලට කදුළු පිරිලා කදුළු කැටයක් කම්මුල් දිගෙ ගලන් ගියේ ඊයේ ලස්සනට පිපිලා තිබ්බ මලේ පෙති අද කවුරු හරි හිතා මතාම කඩලා දලා කියලා දැක්ක නිසා. පලවෙනි මල නිසා මම හිතන් හිටියේ එක අද හවසට බුදුන්ට පුජා කරන්න. ඊයේ එච්චර පිපිලා තිබ්බෙ නැති නිසායි මම එක පහනට තිබ්බෙ නැත්තේ. මල් පැලේ දිහා බලන් හිටිය මගෙ ඇස් නැවතුනේ ගල් බංකුවට වෙලා ඉදගෙන සුදු බෙබිගෙ ඇගෙ එල්ලි එල්ලි මොනවද කියන මෙගනා ලගට. අනිවාරෙන් එයා තමා මෙක කරන්න ඇත්තේ මම කඩන්න එපා කිව්ව තරහට. කොහෙන්ද මන්දා හිතට ආව දැඩි කෙන්තියක් නිසා උදේම මල් පැල වලට වතුර දාන්න අදහසක් ආව මම කොප්පෙ බිමින් තියලා හොස් එක අතට අරන් හිතලම මෙගනාගෙ පැත්තට එක හරවන් හිටියා.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now