මම සුපුනිට හිනාවක් විතරක් දිලා ඇත් වෙලා සුරංගගේයි නිමල්ගෙයි කරට අත දා ගත්තා. උන් දෙන්නත් එක්කම මම පිටි පස්සට එද්දි සුපුනි දිනිතිත් අපි පස්සෙන් ඇවිත් මෙගනා තනියම හිටිය තැනින් ඉස්සරහා ශිට් එකෙ වාඩි උනා.
"උබ තවත් සුදු වෙලා සපු බෙබි....."
"බොරු කියන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙන්......"
මම ආය සුපුනි දිහා බලන්නෙ නැතුව කෙලින්ම ගිහින් අරුන් දෙන්නටත් ඉද ගන්න කියලා සුදු බෙබි ලග වාඩි වෙන්න ගියා. එත් මට එයා ලග ඉද ගන්න නොදි සුදු බෙබි මාව ඇදලා අරන් එයාගෙ කකුල් උඩ වාඩි ක්ර ගත්තේ අර අංගුට්ටියෝ දෙන්නයි මිනෙල්ක එහෙම සු ගාද්දි. ඉස්සරහට එක ඇහුනේ නැතත් අපි ලගම වගෙ හිටිය සුපුනියි මෙගනයි එහෙම අපි දිහා හැරිලා බැලුවා. ඒ අය බලවත් එක්ක සුදු බෙබි මගෙ බෙල්ල පාමුලට තොල් තද කරෙ සුපුනිනම් ඇස් දෙකත් ලොකු කරන් බලද්දි. මෙගනා අපි දෙන්නට පොඩි හිනාවක් දිලා ඉස්සරහා බලා ගත්තේ මාව තවත් පුදුම කරලා.
ඒ අයගෙන් ඇස් අරන් ශෙප් එකෙ අපි ලග ඉන්න අය දිහා බැලුවම සුරංගලා ඇරෙන්න අනිත් හැමොම මහා පල් හිනාවක් දාන් බලන් ඉන්නවා. සුපුනි වගෙන ඇස් ලොකු කරන් බලන් ඉන්න සුරංගලාට ගොන් හිනාවක් දුන්න මමත් හරහට හැරිලා සුදු බෙබිගෙ බෙල්ල වටෙ අත් බැද ගත්තේ මිනෙල්ක බොරුවට කහින්න ගද්දි. ශලීන් මාමාත් මුලදි වගෙ සුදු බෙබිට රවන්න කරන්න ගියේ නැ එයා හසිත් බෙබිත් එක්ක ලොකු කතාවක.
"කෝ අලුතින් ආව මල්ලිලත් කියමු බලන්න සිංදුවක්....."
චුටි සියාපප්පගෙ පුතා එහෙම කිව්වම කවදත් බජව් වලට පැනගෙන යන සුරංගයි නිමලුයිත් සිංදු කියන්න පටන් ගත්තා. හැබැයි ඉතින් අන්තිමට කියන් යද්දි හැමොටම වගෙ එකත් එපා උනා.
"මේ මෙක හරි යන්නෙ නැ...... අපි පොඩි ගෙම් එකක් කරමු......"
"මොකක්ද....."
මිනෙල්ක එහෙම කිව්වම චිප්ස් පැකට් එකක් කන ගමන් හිටිය සහස්න එහෙම ඇහුවේ චිප්ස් කැල්ලක් ගන්න පැකට එක අත දැම්ම හසිත් බෙබි අතටත් ගහන ගමන්.
YOU ARE READING
සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫