🌸 Chapter 06 🌸

34 5 2
                                    


" මෝඩ කොල්ලා. නිදාගන්නවා"

බිගුන් ආයෙත් මගෙ අස්සෙම ඔලුව ගහගෙන කෙදිරිගගා නිදාගත්ත. මට එලිවෙනකම් නින්දක් නෑ. ඇත්තටම මං ඕකව මරනවා. මට දැනෙන වේදනාව නිවෙනකම් මං ඕකට වද දෙනවා.

...................................................................

දවස් ගානක් බිගුන් හිටියෙ අපේ ගෙදර එයාගෙ අම්මත් වැඩට යන නිසා බිගුන්ව බලාගන්න කෙනෙක් ඕනි නිසාත් මට පුළුවන් උනා එයාව තියාගන්න අවසර ගන්න. ඒත් කොච්චර කාලෙකටද. මං නිතරම හිතුවෙ ඒ ගැන. සති දෙකකින් වගෙ බිගුන්ට ඇවිදින්න පුළුවන් වෙනකොට අපෙ අම්මා මටත් වඩා එයාට කැමති උනා. බිගුන් දවසින් දවස සාමාන්‍ය උනත් මගෙ හිතේ තුවාලෙ ඒ එක්කම වැඩිවෙන්න පටන් ගෙන තිබුනා. මං එයාට ආදරෙ බව දැනන් හිටියත් බිගුන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු නිසා මං ඒ ගැන ආයෙම ආයෙම නොකියා ඉන්න තීරණය කරේ මං ආදරෙ කරේ කොහොමත් ලබාගන්න බලාගෙන නොවෙන නිසා. මං බලාගෙන ඉන්නෙ එයාට මාව දැනෙනකම්.

🖤 බිගුන්ගේ පැතිකඩ 🖤

අවුරුදු ගානක් මැරිල ඉදල ඇහැරුනා වගේ අප්පා.... කකුල් ඒම ලොක් වෙලා. කෙසේවෙතත් බිගුන් කම් බෑක්ක් ගායිම්ම්ම්ස්ස්.......  උදෙ නැගිටිනකොටම සුපුරුදු විදිහටම ඇද ලගටම වඩම්මපු කිරි එකයි බිස්කට් එකයි දැක්කම ඉතින් දවසම සුබයි. සැප ජීවිත මෙව්වා. හා නැද්ද. දැන් මාසෙකට කිට්ටු වෙන්න හැමදාම අම්මා මට හොදම දේවල් දුන්නා. එයාගෙම දරුවෙක් වගෙ මාව බලාගත්තා. මැටි කිඹුලා උනත් ක්ලාස් ඉවර වෙලා ආව වෙලේ ඉදම් මගෙ වැඩ තමා කෙරුවෙ. කොරන්ට එපැයි ඉතින් අත පතන් ඉන්නකොට. හීහී
ඉක්මනින් කිරි එක බීපු මම මූන සෝදගෙන පහලට ගියෙ අම්මට ගුඩ් මෝනින් කියල උම්මියක් ගන්න බලාගෙන. යනකොට අම්මා කා එක්කද කයිය. මයෙ මොකෝ ඉතින් මං සිංදුවකුත් කියාන දූවල ගිහින් අම්මගෙ කරෙ එල්ලුනා...

" ගුමෝනිම් අම්මියෝව්ව්ව්ව් "

" අයියෝ දරුවො මගෙ කොන්දත් කඩනව ඔයානම් දවසක. "

" හා හා උම්මිය දීල බනින්න. මට ඕක නැතුව කොහොමද දවසට බලය ජවය ශක්තිය ගන්නෙ ආ...."

" හ්ම්ම් එන්නකො මගෙ පැටියා "

අම්මා දඩාරියන් උම්මියක් දීල මගෙ උරිස් දෙකෙම්ම අල්ලලා අනික් පැත්ත හැරෙව්වා. හැරෙව්ව තමා මාව ඉන්ද වෙනව තව පොඩ්ඩෙන් වව්ලා ඉන්නව අත් දෙකත් බැදගෙන.

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now