🌸 Chapter 15 🌸

37 5 0
                                    



"මට සමාවෙන්න සර්... අහ් නැ තාත්තෙ... මං ආයෙ එහෙම කරන්නෑ"

" හ්ම් හ්ම් මං බල කරන්නෑ බිගුන්. ඒත් මටත් ලෝබයි ඔයා අම්මා එක්ක ඔහොම හුරතල් වෙනකොට "

" උත්සාහ කරල බලන්න අපි හරි හුරතල් මිනිස්සු "

"අනෙ අනෙ යකො මෙ ඇඩිල හිටපු එකා නේද "

"මොකො මොකො දෙන්නා අදත් පටන් ගත්තද . මෙන්න ඔයාගෙ තෙ එක. චූටි මෙන්න ඔයාගෙ කිරි එක බොන්න කෑවෙත් නෑනෙ"

අම්මා පත කිරි වීදුරුවක් මට දික් කරෙ මගෙ මූණ බලන් ඉද්දි අදුරු වෙනකොට. තාත්ත නම් මහ පඩත්තර හිනාවක් දැම්ම තොට හොදවැඩෙ වගෙ බැල්මක් එක්කම. හිටාන් තාත්තෙ මං පලි ගන්නම් මෙව්වට.

" ම්ම්ම්හ්ක් අම්මා බෑනෙ"

" චූටි ගුටි කන්නෙපා. කන්නෙම නෑ දැන් ඉස්සර වගෙ නෙවෙ. බලන්න ඇගෙ හැටි. දෙන්නම තරගෙට ඩයට් ද ආ.... ආවදෙන්කො මහ තැනත් අද ගෙදර "

" අම්මෙ මං එයාට වඩානම් කනවා හොදෙ"

" ඔව් ඔව් කනව එයාට වඩා මගෙ ඔලුව"

"  ඔය ඉතින් බෑනෙ කරන්න. චූටි පුතාටමයි ඔක්කොම කරදර.තාත්තෙ ඔයාවත් කියන්න චූටි කනව නේද "

" අම්මො මෙ මං දන්නැ ඔව්ව අම්මල පුතාල බේරගන්න එකයි ඇත්තෙ. මං යනව වොශ් එකක් දා ගන්න.  කුමුදු මට රෑට කෑම තියනකොට අඩුවෙන් තියන්න."

" ඇයි ඔයත් පටන් ගත්තද. මොකක්ද අනෙ ඔයාලට වෙලා තියෙන්නෙ "

" අම්මගෙ කෑම රස වැඩිනෙ ඒකයි ඔය "

"  ගුටි කන්නෙපා චූටි මගෙන්. එනව යන්න නාන්න"

මං අම්මව අවුස්සන්න කියන කතා එයා කවදාවත් ඇත්තට ගත්තෙවත් ඒවට මට කැ ගැහුවෙවත් නෑ. අවුරුදු දන නවයෙ නාම්බා වෙච්ච මාව නෑව්වෙත් අම්මා. එයාගෙ ආදරෙ මට මෙච්චරයි කියල කියාගන්න බැරි තරම් වෙනකොට. ඉදල හිටල ගෙදෙට්ට ඇවිත් ලේ නෑකමට අම්මා වෙච්ච රීටා මගෙ අම්මව රිද්දන්න තියාගත්තෙ ජානවල අයිතිය පවා ආයෙ ආයෙ අගිස්සන්න ගමන්.

...................................................................

"ලව් එපා අනේපා... එපා මිනිහෝ... ඕයි"

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now