ජීවිතෙ ලස්සනම කාලෙ මගෙ දුක්බරම කාලෙ වෙනකොට. සතුටින් ඉන්න උන් දිහා බලල හුල්ලන්න වෙනකොට. තමන්ගෙ කියල බල්ලෙක්වත් ලග නැතිකොට. දුක සතුට බෙදාගන්න කියල යාලුවෙක්වත් හයියක් නොවෙනකොට. මිනිස්සු අසරණ වෙනව හොදටම.
...................................................................
" අම්ම්......."
" බිගුන්"
"අම්මා.... අනේ එපා...."
" මැණික"
" මට බෑ අතෑරපන් "
" ඇස් අරින්න රත්තරනේ.... "
මේ වේදනාව කියල නිම කරන්න බැරි තරම්. එයා මාව අතෑරියා. මාව මේ ලෝකෙට බිහි කරපු මගෙම අම්මා....
"බිගුන් දෙවියන්ගෙ නාමෙට දැන්වත් නැගිටින්න "
"ම්ම්හ් "
" මේ බලන්න මම ඉන්නව ඔයා ලග"
" ල... ලව්..."
" ඔව් ලව්... ඔයාගෙ මැටි කිඹුලා. කො එන්නකො නැගිටින්න "
මං වටපිට බැලුවෙ මම දැක්ක නපුරු හීනෙ ගැන හිත අස්සෙන් විදවන ගමන්.
" මම... ම.. මං හීනයක් දැක්ක ලව්. ඔව් ගොඩාක් කැත හීනයක්"
" ඒත්..."
" අහන්නකො. ඒක හීනයක්. මං බොරුවටනෙ බයවුනෙ. මගෙ අම්මා මට එහෙම කරන්නෑ ලව්. "
" මේ වතුර එක බොන්නකො"
" ඌ මාව හීනෙනුත් මරනව ලව්. ආව්ව්ව් මගෙ බෙල්ල ඇත්තටම රිදෙනවා "
" බිගු... ඒක හීනයක් නෙවෙ. ඇත්තටම ඒක සිද්ද වුනා"
මං අස්වසපු මගෙ හිත ආයෙත් අඩන්න ගත්තා. මං නින්දෙන් ඒදේ දැක්කනම් කොයිතරම් හොදද කියල මගෙ හිත මට කිව්වා. හිමින් හිමින් මගෙ හිත හද හද ලව් මගෙ ඔලුව අත ගානවා. ඒත් මං ගෙදර ආවෙ කොහොමද මට මොකුත් මතක නැත්තෙ ඇයි.
" හරි මං අඩන්නෑ. ඒත් ලව් මං ගෙදර ආවෙ කොහොමද. එතකොට අම්මා. අර තිරිසනා "
" හැබැයි මේව අදම විසදගන්න එකත් හොදයි බිගුන් මටත් නොතේරෙන තැන් තියෙනවා"
" හ්ම්ම්ම්"
" මං ඔයාට ගෙදර යන්න එපා කිව්වෙ ඒ මිනිහ අම්මව රවට්ටගෙන කියල දන්න නිසයි. මං ඌ ගැන සෙවිල්ලෙන් හිටියෙ. ඒත් උබ හිතුවක්කාරයි බන්. මටත් හොරෙන් ගෙදර ගියා. මං ක්ලාස් ඇරිලා ගෙදර එනකොට උබ නෑ. නිකමට හිතුනා ගෙදර යන්න ඇති කියල. මං නාවනම්. "
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......