🌸 Chapter 20 🌸

34 6 0
                                    


" අංකල් පුතාව වඩා ගන්නද. ම්ම්ම්ම්"

" හා අංකල්. අංකල් මම රශ්.... අංකල්ගෙ නම මොකක්ද "

" මම ලවන්.... "

"ලවන්... කම්මැලි නෙ දිග නම් කියන්න. මගෙ නම රදීශ් පපා තමා රශ් කියන්නෙ දිග වැඩි කියල ආදරෙ අයට දිග වැඩි නම් කියන්නෙ නැල්ලු එයා ..... "

" කම්මැලි පපාගෙ කම්මැලි පුතෙක්නෙ"

"යෝහ්හ්හ් පපා තමා කම්මැලි මං නෙවේ..."

ඒ අංකල් හරි හොදයි අප්පා... අපි කතා කර කර එලියට ආවා හරිම අගෙයි පපා සයිඩ් එකෙ තිබ්බ පුටුවක් උඩ පතබෑවිලා හොදට බුදි.... යෝහ් පපා සැජ්ජා කරනවනෙ... බබෙක් වගේනෙ....

මේ මොකො මේ ලවන් අංකල් පපා දිහා බයවෙලා වගෙ බලන් ඉන්නෙ. හොදෑඩේ පපා ඔයාටත් යන යන තැන නිදාගන්නෝට. ඉන්නකො මං පපාට කියන්න.

හෑ මාව බස්සල ගිහින් අංකල් පපා ලගට නේද ගියේ.... ආහ්හ්හ්හ් මගෙ ලොලිපොප් එක වොශ් රූම් එකේ.... මේ අංකල් එක්ක බෑනෙ. මං ඉක්මනින් දිව්වෙ ආයෙත් ඒක ගේන්න.

....................................................................



.......................ලවන්..........................

දෙවියනේ බිගුන්.. මගෙ පන මං මෙ දකින්නෙ හීනයක්ද. අනෙ පොඩි එකෙක් වගෙ නිදාගෙන ඉන්නෙ මගෙ අහිංසකයා නේද. මං අවුරුදු ගානක් පිස්සෙක් වගෙ හෙව්ව මගෙ කොල්ලා. දෙවියනේ

" බිගුන්.....බිගුන් මගෙ මැණික....."

" ම්ම්හ්හ්හ් කවුද "

එයා ඇස් පොඩිකරනවා තාම නෑ එයා පොඩ්ඩක් වත් වෙනස් වෙලා.... තාම එහෙම්මයි පොඩි එකෙක් වගෙ. අනේ.....

" බිගුන් මේ මම.... මම... ඔයාගෙ ලව්..... කො "

"මොන.... ලව්?..... අහ්..... එහාට්ට යන්න..... මට රිදෙනවා අනෙ අයියේ බේරගන්න මට රිදෙනවා "

" අනෙ ඇයි රත්තරන් මේ..... මොකක්ද උනේ..... මං රිද්දුවෙ නැනෙ මැනික"

" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

" පපා මොකක්ද උනේ.... අංකල් මගෙ පපාට ඉන්න දෙන්න "

" මොකක්..... පපා ?"

"  බිගුන් බිගුන් මැනික.... මෙහෙ බලන්න...."

" ආහ්හ්හ් රිදෙනවා ලව් මාව මරන්න එපා.... අනෙ මට රිදෙනවා "

ඇයි මේ බිගුන් බොරුවට කැගහන්නෙ පිස්සුවෙන් වගෙ දගලනවා වටෙ පිටෙ මිනිස්සු ත් බල බල යනවා.

" පැත්තකට වෙනවා ලවන්......"

මහා හයියෙන් බෙරිහන් දුන්නෙ ඒ වෙන කවුරුත් නෙවෙ..... ඒ විවාන් අයියා. අවුරුදු පහක් තිස්සෙ මං හෙව්ව අනික් මනුස්සය. විවාන් අයියා වෙනස් වෙලා. එයා රැව්ල වවන් මහත් වෙලා පරිනත පෙනුමක්. එතකොට අයියෙ උබ මගෙ කොල්ලව ඇත්තටම මගෙන් අරන් ගියා. හැබැයි මං මගෙ කොල්ලව හොයා ගත්තා..... ආයෙ මං මගෙ කොල්ලව අතාරින්නෑ. ඒත්..... ඒත් එයා වෙනස් වෙලානම්.... මං මොකක්ද කරන්නෙ...

"  විවාන් අයියේ මං මේ...."

" අතෑරපන් යකො. කොහෙන් ආපු අයිතියක් ද උබ මගෙ දේවල් අල්ලන්නෙ අහ්හ්හ්"

විවාන් අයියා කතා කරනව නෙවෙ ගුගුරනවා. එතකොට ම එතෙන්ට ආපෙ මැදිවයසෙ ගෑනු කෙනෙක් පොඩි දරුවව වාඩාගෙන ගියා. මැදිවයසෙ පිරිමි කෙනෙක් බිගුන්ව වඩාගෙන ගියෙ එයා අසිහියෙන් වගෙ අඩ අඩ ඉද්දි. විවාන් අයියා මාවත් අතින් ඇදගෙන එලියට ආවෙ එතන සෙනග එකතු වෙන නිසා වෙන්නැති.

" අයියේ මගෙ කොල්ලා....."

" උබෙ.... හහ්..... උබෙ කොල්ලෙක් මං ලග නෑ ලවන්... උබ ඒකව එදාම මරාගත්ත. අද මෙතන ඉන්නෙ මං අමාරුවෙන් පන දුන්න වෙනම මනුස්සයෙක්. පින් සිද්ද වෙන්න අපිට පාඩුවෙ ඉන්න දීපන් මල්ලි. මෙ හිටිය වගෙ ඉදපන්. "

" එතකොට අර ලමයා "

" ඔව් ඒ අපෙ ලමයා. දැන්වත් පවු නොදි පලයන් "

" බොරු මගෙ බිගුන් එහෙම කරන්නෑ. බිගුන් මට එහෙම කරන්නෑ."

" ඇත්තද ඔය විශ්වාසෙ එදත් තිබ්බනම් බිගුන් අදටත් හිනාවෙලා ඉන්නව ලවන්. උබ ඒ අහිංසකයා මරාගත්තා"

" අයියේ"

" මං උබට මේ අන්තිම හොදින් කියන්නෙ මගෙ ඇස්වලින් ඈත්වෙලා ඉදපන් ලවන් ඇත්තමයි මං උබව මරනවා"




.........................................................

නැවත හමුවෙමු.
මම රූ 🌸

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now