🌸 Chapter 32 🌸

31 6 0
                                    

පහුවදාම මම ඉංග්ලන්ඩ් ඇවිත් බිගුන්වත් අරන් ආපහු ලංකාවට ආවා. **** හොස්පිට්ල් එකෙ ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ගෙ බාරෙ බිගුන්ව තියාගෙන එයාගෙ ට්‍රීට්මන්ට් ආයෙ පටන් ගත්ත....

දෙකක් තුනක්... හතරක් හයක්.... ඔව් මාස හයක් අපි ට්‍රීට්මන්ට් කරා අවසානෙ එයා අපි එක්ක කතා කරා.... අවසානෙ මගෙ බිගුන් ආයෙත් අපි එක්ක හිනා උනා. අපි එලිවෙනකම් කතා කරා.. ඇඩුවා රණ්ඩු උනා...
රශ් දැන් ඉස්කොලෙ යනව.
හැබැයි තාම  අපෙ බිගුන් බබා නම් ගෙදර ඉදන් හුරතල් වෙනව.

ප්‍රශ්න එනකොට්ස් ප්‍රශ්න එන්නෙත් පපුව එකදිගට හිරකරගෙන හුස්ම නැවතියන් කියල හිතින් අඩන වාර අනන්තයි.    ඒත් මොකක්දෝ අසරණ්ස්කමක් හරස් වෙලා ජීවිතෙ නැතිකරගන්නත් අයිතියක් නැති මිනිස්සු මැරි මැරී ජීවත් වෙන්නෙ මිහිපිට අපායක් හිත මත්තේ තියාගෙන.

විශ්වාසෙ කඩපු මිනිස්සු, ආදරේ රවටපු මිනිස්සු , ද්‍රෝහි මිනිස්සු මේ කවුරු උනත්  හමන්ගෙම කතාවක නිර්දෝශී වෙනකොට ඇත්තටම නිර්දෝශී මිනිස්සු කියාගන්න බැරි හැගීම් එක්ක සදාකාලික ලෙඩ්ඩු වෙනවා.

මගෙ අහිසකයා සදාකාලික ලෙඩෙක්.... හේතුව එයාගෙ අම්මා මම වෙනකොට....... මට තාමත් හිත හදාගන්න අමාරුම දෙ ඒකම උනා. හැබැයි එයා දැන් ගොඩාක් හොදින්.  අපෙ මුලු ගෙදරම පිරෙන්න හිනාවෙන්න කෑ ගහන්න තරම් එයා නිදහස් වෙලා. වෙලාවකට රශ්ටත් වදයක් වෙන තරමට බිගුන් ඝෝෂාකාරී.

හැම කතාවකටම තියෙන්න ඕනි සතුටු හිතෙන අවසානයක් මං හැමදාම එහෙම හිතුවා... මං හිතනව අපෙ කතාවෙත් මේ ලස්සනම කාලෙ වේවි කියල. ආයෙ නරක කාලයක් නො ඒවි කියල. මගෙ දරුවා හැමදාම දුක් වින්දෙ ..... එයා දැන් කැෆේ එකක වැඩ කරනවා.
එයාට නැති වුන එයාගෙ සතුට එයා දැන් විදිනව බලාගෙන මමත් අහිංසක සතුටක් අත්වින්දා.......
මං මගෙ පාඩුවෙ බිස්නස් වැඩ කරගෙන යනකොට තාත්තා ගෙදර ට වෙලා අම්මා එක්ක රශ් වෙනුවෙන් කාලය වෙන් කලා.  ගෙටම කොටුවෙලා ඉන්නෙක මනසට හොද නැති නිසා බිගුන් කැෆෙ එකෙ වැඩට ගියා. විවාන් අයියා මැරි කරල සතුටින් ඉන්නවා..... එයා සතුටින් ඇති කියල ඇත්තටම අපි හිතනවා. හැබැයි විවාන් අයියා තාමත් බිගුන්ව මගහරිනවා. අදටත් බිගුන්ට එයා එයාගෙ ෆීලින්ග් නොකියා ඉන්න පරිස්සම් උනා. අපි දෙන්නම එයාට මේතරම් ආදරෙ ඒ නිසයි. ඒවගෙ මිනිස්සු හරි අඩුයි.

ආදරේ කරන අය වෙනුවෙන් තමන්ගෙ හැගීම් රිද්දගත්ත මිනිස්සු හරි ආදරනීයයි........

ඉස්සර නම් උදෙම්ම රශ්වත් ස්කූල් එක ලගින් බස්සලා මම ඊලගට කරන්න් බිගුන්ව කැෆේ එක ලගින් බස්සන එක ඒත් ඉතින් දැන් රශ් විතරයි මං එක්ක උදේට යන්නෙ. බිගුන් දැන් බයිසිකල් එකෙ යන්න ඕනි කියල වදෙ... ඇත්තටම මේ කොල්ල වයසට යන්නෙ හරහටද මංදා  දැන් වයස විසි පහක්..... ඒත් අවුරුදු පහෙ එකා වගේ දගේ... ඒත් ඉතින් මං ප්‍රාර්ථනා කරෙත් ආයෙත් එයාව මෙහෙම දකින්න නේද කියල හිතුනම හිතම සතුටින් උඩ පනිනවා.....

ඒව මේව හිත හිතා මං ඔෆිස් එකට ගියා.....



.......................................................

නැවත හමුවෙමු
මම රූ 🌸

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now