දවස් ගානක් උත්සාහ කරත් විවාන් අයියව කන්ටෑක් කරගන්න බැරි උනා.... එයා මාව අතෑරිය කියන එක මට දරාගන්න ගොඩාක් අමාරු උනා. මං කාමරෙන් එලියට ආවෙත් නැති තරම්. රශ් අම්මට තාත්තට වගේම ලව් ට ගොඩාක් ලන් උනේ ඒ නිසා වෙන්නැති. එයත් ටික දවසක් අයියව ඉල්ලල ඇඩුවත් දැන් එයාට ගානක් නෑ. ලව් එක්ක ඉන්නකොට මාවවත් එයාට දැන් ගානක් නෑ. නිදාගන්න වත් මං ලගට ආවෙ නෑ. අම්මා ලග තමා නිදාගත්තෙත්. මං තනියම දරාගන්න පුරුදු උනා..... අන්තෙටම මං හිත හදාගත්තා. මොකද අයියා උනත් කැමති නෑ මං මෙහෙම දුකින් ඉන්නවට. මං ඒක හොදටම දන්නවා.
අයියා ගිහින් මාසයක් උනා අපි ලංකාවට ඇවිත් මාස දෙකයි. මං ගොඩාක් දුරට ඔක්කොටම හැඩ ගැහුන ඔක්කොම සාමාන්‍ය උනා. අයියව මතක් වෙන වෙලාවල් ඇරෙන්න අනික් හැමවෙලාවෙම මං සාමාන්‍ය විදිහට ඉන්න පුරුදු උනා. ලව් මට බල කරන්න ආවෙත් නෑ. හැබැයි එයාගෙ චූටි චූටි විකාර වැඩ වලට මට ආදරෙ නොහිතුනාමත් නෙවෙ. ඒත් මං මේතරම් හිතුවක්කාරයි ද හිතෙන තරම් මං එයාට ගණන් ඉස්සුවා.
අදත් සාමාන්‍ය දවසක් මං උදෙම්ම ලෑස්ති උනේ ලයිබ්රියට යන්න.
පහලට එනකොට තාත්තා නම් ගිහින් අම්මා රශ් එක්ක සෙල්ලම් කරනවා. දැන් ඉතින් ලව්ගෙ පිහිට තමා" ලව්"
" ම්ම්ම්ම්ම්"
" වැඩක්ද"
" නෑ... කියන්න බිගුන්"
" මට ලයිබ්රියට යන්න ඔනි පොත් දෙක මාරු කරන්න වෙලාවක් තියෙනවද "
" යමු මමත් එලියට යන්න ආවෙ. යාලුවෙක් හම්බෙන්න. වැඩ දෙකම කරගෙන එමු එකවැරම"
" හරි යමු"
අපි දෙන්න උදෙම්ම ආවෙ ලයිබ්රියට පොත් දෙකත් මාරු කරන් ඊලගට ආවෙ කොෆි ශොප් එක්කට එතෙන්ට ලව් ගෙ යාලුවෙක් එනවලු. දැන් ඉතින් අදුරන්නැති යාලුවො එක්ක කොෆී බීහන්කො. මටත් වැටෙන බාල්දි.
අපි දෙන්න ගිහින් ශොප් එකේ කොනකට වෙන්න තිබ්බ නිස්කලංක තැනකට ගිහින් මුහුණට මුහුණලා හිටින්න වාඩි වුනා. ටික්කින් වේටර් කෙනෙක් ආව නිසා ලව් කොෆී දෙකක් ඕඩර් කරා. කොෆී එක බොන්න කට ලගට ගන්නකොටම කොටට කොටෙ ගවුම් කෑල්ලක් එල්ල ගත්තු සුකුරුත්තමක් ඇවිත් ලව්ගෙ කම්මුලක් ඉම්බා. ඒ මොකාද ඒ...... මං කොෆී එක ආයෙම මේසෙන් තියල ඇස්වලින් ඒ මොකාද කියල ලව්ගෙන් ඇහුවා." අහ් බිගුන් මෙ ඉන්නෙ මගෙ මං අර කිව්ව යාලුවා චලා... චලා මේ බිගුන්"
" හායි බිගුන්. මං චලා. නයිස් ටු මීට් යූ කියුටී...... "
යෝහ් මේකි මොකද මගෙ කම්මුල් මිරිකන්නෙ ඒපාර. අල්ලන්නෑ අල්ලන්නෑ..... මටනම් එනපොට අල්ලන්නෑ මේ සක්කරවට්ටම.....
ගස්සල පද්දල ගිහින් ලව් ලගින්ම වාඩිවෙලා ලව්ගෙ කොෆි එකෙන් බොන්න ගත්තෙ නැද්ද මේකි." ලව් මට ගෙදර යන්න ඕනි"
" ලව්.... නායිස්.... ලුලූ.... මෙයා ඔයාට ලව් කියල ද කියන්නෙ වට් අ ලවුලි නේම්.... බට් ලුලූ.... මං කැමති නැ වෙන කවුරුත් ඔයාට එහෙම කතා කරනවට"
ආ ඇයි දන්නැ..... මං දැන් තොගෙ දත් ටික ගලෝනව දැනගනිම් පරට්ට ගෑනි.... මාව දැන් වෙව්ලනවා වගෙ සගෝ....
" කාම් ඩවුන් චලා...."
" නෝ බේබි... ඔයා මෙයාට යාලුවෙක් යාලුවෙක් කියල අදුන්වල දුන්නෙ ගෙදෙට්ට කියයි කියල බයට කියල මං දන්නව. ඒත් බෝයි කෙනෙක් උනත් එයා ඔයාට එහෙම කෝල් කරනවට ආස නෑ මං. තේරෙනව නේද මං මොකක්ද කියන්නෙ කියල. ප්ලීස් බබා අයි ඩෝන්ට් ලයික් ඕකේ? "
" මොකක්ද ඕයි කියන්නෙ "
" බිගුන්......."
" ඇයි ලව්.... බිගුන් තමා "
" වට් නොන්සන්ස් කතා කරන කැත බලන්න. මේ අහනව පොඩි කොල්ලා. ලුලූගෙ යාලු මල්ලි කියල බලන්නෑ හරිද. මේ ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් අපි ගොඩාක් ආදරෙන් ඉන්නෙ. මං ආස නැ කොහෙවත් යන උන් මගෙ කොල්ලට ලව් ඉලව් ගාගෙන එනවට"
" ආ ආස ඇති බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න. එව්ව හදේ. තෝවත් බාවලා මූවත් බාගෙට හම ගහල එල්ලනව අන්න අර ටවර් එකෙ. තොපි දෙන්න දන්නැ තව මගෙ හැටි."
" ඇයි ඇයි අනෙ මෙ මල්ලි යනා යන්න මොන අයිතියකටද අනික මං මොනා කරාටද"
" කරේද කරේද...."
මං නැගිට්ටා නෙවෙ නැගිට්ටුනා.... එතකොට ම ලව් නැගිට්ටෙ අරකිට මං ගහයි කියල බයේ වෙන්නැති අම්මපා අද තොපි දෙන්නව මං මරනවා.
" බිගුන් කලබල කරන්න එපා මේක කැෆේ එකක්. අනික ඔයාට මෙතන තරහ ගන්න දෙයක් උනේ නෑ නේද"
" ආ ඇත්තද මහත්තයො ඔව් ඔව් මොකුත් උනෙ නැ තමා. තොට එක හිතක් නැ. අවුරුදු පහක් තිස්සෙ මං තමුසෙ ගැන විතරයි හිතුවෙ බලන් ගියාම මුට ගෑනියෙකුත් ඉදල. මට තමා වැරදුනෙ. එතකොට උබ. උබ මොකක්ද කිව්වෙ මට තියෙන අයිතිය වරෙන්කො එලියට අයිතිය පෙන්නන්න."
මං චලා මගුලත් ඇදගෙන ශොප් එකෙන් එලියට ගියා. ලව් බිල් එකත් පේ කරල දුවගෙන වගෙ අපෙ පස්සෙන් ආවා.
...................................................................
නැවත හමුවෙමු.
මම රූ 🌸
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......