" ඈ යකො බලපන්කො ඇදන් ඉන්න ඇදුමෙ හැටි ඔක්කොම පෙන්නගෙන ආවෙ මගෙ කොල්ලව අල්ල ගන්නද"" කවුද යකො උබෙ කොල්ලා. මේ ඉන්නෙ මගෙ කොල්ල. අපි අවුරුද්දක් තිස්සේ ආදරෙ කරනවා. මේ මොකෙක්ද ලුලූ මේ"
" චලා පොඩ්ඩක් ඉන්නකො බබා "
" බබා..."
" තමුසෙ බබා කියල ද අයියෙ කිව්වෙ."
" බිගුන් ඇයි මෙ අඩන්නෙ"
" ඇයි අයියෙ තමුසෙ මට මෙහෙම කරන්නෙ ඇයි"
මං හිතෙ තිබ්බ වේදනාව නිවෙනකම් ලව්ගෙ පපුවට ගහගෙන ගහගෙන ගියෙ අත්දෙකෙම්ම පුළුවන් උපරිම වේගයෙන්.
" මං මොකක්ද කරෙ බිගුන් කියන්න බලන්න "
" ඔයා දන්නව අයියේ මං ඔයාට විතරයි ආදරෙ කියල. කොච්චර නැ කිව්වත් ඔයා දන්නවා ඔයා වෙනුවෙන් මං තනියම ඉන්නෙ කියල දැන දැනත් ඔයා මට ආදරෙ කිය කියා තව ගෑනියෙක් එක්කත් ලව් කරලනෙ අයියෙ. තමුසෙ මහ ජරා මිනිහෙක්"
" එ කියන්නෙ බිගුන් මට ආදරෙයි "
" ඔව් යකො ඔව්"
" හම්මට බිගුන් මල්ලො ලුලූට ආදරෙයි කිව්ව නේද "
" ඔව් ගෑනියෙ ඔව් උබ මකබෑවිලම පලයල්ලකො මගෙ කොල්ලව මට දීලා. ඒකා වෙනුවෙන් මං පිස්සෙක් උනා. අවුරුදු ගානක් අමතක කරන්න හැදුවත් බැරි උනා. දැන් ආයෙත් ඔක්කොම හරියන් එනකොට තමුසෙ ඇවිත් ලූලූ කලූ ගානවා"
" හම්මෝ ලුලූ මේ කොල්ලාගෙ තියෙන ඉරිසියාව"
" ඇති චලා දැන් ඕක මගෙ කොල්ල පවු"
" අයියේ.... මොකක්ද ඒ කිව්වෙ "
ඔව් මට වැටහී යනව දාර සහිත ගැට ගැට සහිත පුල්ලි වැටිච්ච මල් මල් කාසමක් මං ඉල්ලන් ඇදගෙන කියල.
හරි අගෙයි උත්කර්ශවත් ලෙස ලැජ්ජාවෙන්නයි තියෙන්නෙ දැන්...
" අහන්නකො බබා චලා ඇත්තටම මගෙ යාලුවෙක් විතරයි ඔයා ඉතින් ගනන් උස්සනවනෙ ආදරෙ පිලිගන්නෙම නැ කිව්වම, එයා තමා ඔය ප්ලෑනක් ගහන් ආවෙ"
" මේකනෙ මල්ලා ආදරෙයි කැස්සයි හංගන්න බෑලුනෙ. දැන් ඉතින් ආදරෙන් ඉදහල්ලා"
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......