කාර් එක ගේට් එකෙන් ඇතුල් කරද්දිම මගෙ කන් අඩි රිදෙන්න ගත්තා. ඔව් මං දන්නවා මේ බයට තමා. ලව්ට තරහ ගියාම මං ගොඩක් බයයි. ඒත් දෙයියනේ ඒ මගෙ අම්මනෙ. මං කාර් එකෙන් බැහැලත් එතනින් එක අඩියක් ඉස්සරහට තිබ්බෙ නෑ.... මට නිකම් කැරකිල්ල වගෙ.... අම්මපා ප්‍රෙශර් එකත් නැගලද කොහෙද... මං ලෙඩින් කියල බේරෙනව එක්කො.... අම්මො ඊටපස්සෙ බෙහෙත් ගිලින්න වෙන්නෙ. ඕව බීල වකුගඩු දෙක ලෙෆ්ට් උනොත් ආයෙ ඔක්කොම ඉවරයි ඊටපස්සෙ ඉතින්..... වීකර හිතෙනවා ඒ අස්සෙත්... මං හිමින් හිමින් ගෙට ගියා නැ කවුරුත් පේන්න. හැබැයි කුස්සියෙ හයියෙන් කතා කරනව ඇහෙනවා. හෙමින් ඒකට කන් දෙන්න කියල ඉස්සරහට ගියා. ඇත්තමයි මෙ හොරෙන් කන්දෙන වැඩෙනම් මට නවත්තගන්නම බෑනෙ.
" අම්මා තමා එයාව නලවන්නෙ. මං මෙ කෑ ගහන්නෙ ඌව වටින නිසා නෙවෙද අම්මා."
" කෑ ගහල ප්‍රශ්න විසදන්න බැ ලොකු"
" ඒ ගෑනි මගෙ කොල්ලව මරන්න හැදුවෙ අම්මා. ඒකා අර ඇදක් උඩ පන අදිනකොට මමයි මැරි මැරි ඉපදුනේ. ඔයාලවත් දන්නැ මගෙ වේදනාව"
" හරි හරි ලොකු. මට තේරෙනව ඒත් පුතෙ දරුවගෙ ආසාවනෙ අම්මා බලන්න. අපි මොනා කිව්වත් ඒ චූටිගෙ වදාපු අම්මා ඒක අමතක කරන්න එපා"
" වදාපු.... වදාපු නිසා තමා ඔය ගෑනි අදටත් ජීවත් වෙන්නෙ අම්මා. නැත්තම් මං දනි..... "
" පුතා ලමයට කෑ ගහන්න එපා. එයා බයයි"
" බයයි නම් පාඩුවෙ ඉන්නොනි. මං මුට මෙච්චර ආදරෙ කරනව. ඔයා අම්මා, ඔයා උට අඩුවක් කරන්නැනෙ. මොකටද අර ගෑනිව"
" ලොකූ... කටවහපන් ඒ චූටිගෙ අම්මා"
" මහලොකු අම්මා. ආවදෙන්කො අද ගෙදර "
" ඇත්තමයි ලොකු කොල්ලට කෑ ගැහුවොත් මං හොදවැඩක් කරනවා ඔයාට"
" මං උට ආදරේටනෙ අම්මා මෙච්චර කියන්නෙ. හිතන්නකො මෙ ගෙදරට ඔය ගෑනි ආවොත් මෙ කොල්ලට නිදහසෙ ඉන්න දෙයිද ආ...."
" ඒක අපි එවෙලෙට බලමු පුතා"
" ඕනි රෙද්දක් කරන්න එකයි ඇත්තෙ. ඔක්කොටම කලින් ඔයාට ඇවිත් කිව්වෙ තියෙන කට්ට කමනෙ. ආවදෙන්කො "
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanficඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......