"රශ් බබා.... ඉක්මනින් එන්නකො.... "
" තාත්තේ.... සීයා පපා උම්මා දෙන්න ගියාම නවත්තන්නැ අප්පා"
" හරි හරි ලේට් වෙනවා නගින්න ඉතින් "
" තාත්තෙ.... ඩඩා අද ලස්සනට ඇති නේද "
" හ්ම්ම්ම්ම්....... ඔව්.... එහෙම තමා වෙඩින් එකට මොන මනමාලයත් ගොඩාක් ලස්සනයි නෙ. "
" මටත් වෙඩින් එකක් ගමුද තාත්තෙ"
" රශ්.... ඔයා තාම චූටියිනෙ. අපි ලොකු උනාම ගමු. සීට් බෙල්ට් දා ගන්න. අපි යමු"
" හරි තාත්තා. ගිෆ්ට් එක රෙඩි නේද "
" ඔව් මගෙ ප්රින්ස්... "
" ඕකේ... ලෙට්ස් ගෝ ..."
පාකින් එකෙන් වාහනේ පාර්ක් කරල රශ්වත් අරන් ගිෆ්ට් එකත් අරන් මම ආවෙ හොටෙල් එකෙ අවුට් ඩෝර් වෙඩින් ෆන්ශන් එකට. හරිම සිම්පල් විදිහට මල්වලින් සරසලා කැන්ඩ්ල්ස් තියල රිබන්ස් ගැටගහල හරි ලස්සනට ඩෙකරේශන් කරල තිබුනා. 'ඔයත් හිටියනම් මැනික' මට ආයෙත් හිතුනා....
" රශ් බබා...."
" හම්මෙ මනමාල මහත්තයො "
" ඩඩා...."
" රශ් කැ ගහන්නෙපා. අමුත්තො බලයි මනමාලයට ලමයි ඉන්නවද කියල "
" කමක් නෑ ලවන්. මේ ඉතින් මගෙ පලවෙනි දරුවා තමා "
" සොරි ෆෝර් ද ලේට් අයියා. ලංකාවට ආපු ගමන් මං මෙයාවත් අරන් ආවෙ."
" කෝමහරි බන් උබ කසාදෙ ඉවර උනාම ආවේ"
" එතකොට ඩඩා කේක් දෙන්නෙ නැද්ද රශ්ට. තාත්තා මටත් කසාද බදින්න ඔනෙ. එතකොට මටත් කේක් එකක් හම්බෙයිනෙ"
" රශ් කාවද බදින්නෙ"
" තාත්තා මට බදින්න ඕනෙ කාවහරි "
" හරිනෙ අලුත් එකක් පටන් ගත්තා දැන් මං ඉදල ඉවරයි "
" මනමාල මහත්තුරු දෙන්න ෆොටො ගහන්න එන්න"
අයියා ෆොටො ගහන්න ගියා.... හැමෝම ගොඩාක් සතුටින්. රශ් පවා සෙල්ලම් කර කර හරි විනෝදෙන් ඉන්නවා. අම්මල නම් එන්නත් බෑ කිව්ව...... එයාලට ඉතින් චූටි පුතා නැතුව වෙඩින් තියා හුස්මක් වැටෙන්නෙත් නෑ. ඒත් මං එයා වෙනුවෙන් මෙව්ව කරන්න ම එපැයි. මොකද විවාන් අයියා කියන්නෙ බිගුන්ගෙ පනනෙ.
හවස් වෙනකොට විවාන් අයියටත් කියල රශ්වත් අරගෙන මම ගෙදර එන්න ආවා. මගදි කාර් එක බීච් එක ලග නවත්තලා රශ් දිහා බැලුවම කොල්ල හොදට නිදි. මං පොඩ්ඩක් එලියට ගිහින් ඈත පේන බැහැගන යන ඉර දිහා ඕනකමින් බැලුව.
මැනික..... ඔයා දන්නවද අද රශ් කිව්ව පපාව ගොඩාක් මතක් වෙනවලු. තාත්තට වඩා ආදරෙ පපාටලු. ඔයාව ගෙනත් දෙන්නලු. එයා මෙහෙ තනිවෙලා මැනික.
අයියට මං විශ් කරත් ඔයාගෙ විශ් එකලු ඕනෙ. අම්මල මං එක්ක තරහ වෙලා ඔයාව අහනවා. තාත්තා කියනව චූටිව හොරු අරන් ගිහින් ලු මමලු ඔක්කොටම වැරදි
මැනික......... ඉක්මනින් මං එන්නම් ඔයාට තනිනෙ නේද. ඇස්වලට කදුලක් ආවත් ඒවට වැටෙන්න ඉඩක් තියන්න මං කැමති උනෙ නෑ. මගෙ මැනික ආස නැ මං අඩනවට.ඉක්මනින් වාහනේට නැග්ග මම ගෙදර ගිහින් රශ්ව කාමරෙන් තියල ඉක්මනින් නිදාගත්තෙ හෙටම ආයෙත් යන්න ඕනි නිසයි.
" ලොකු පුතා..... නිදිද"
" ම්ම්හ් නැ අම්මා එන්න"
" මොකක්ද පුතා මේකෙ තේරුම"
" මොකක්ද අම්මා "
" චූටි නැතිවෙච්ච දවසෙ ඉදන් රෑ දෙකක් එක දිගට කවදාවත් ඔයා මෙ ගෙදර හිටියෙ නෑ. ඔයාට විතරයි ද පුතා රිදුනෙ. අපිට රිදුනෙ නැද්ද. මට පුතාල දෙන්නම නැති උනා වගෙ දැනෙනව ලොකු පුතා "
" අනෙ අම්මෙ "
" මොකක්ද ඔය රටකට වෙලා ඔයා කරන්නෙ පුතා. මෙ දරුවට කොච්චර තනිද කියල තේරෙන්නැ ඔයාට. දැන් මාස දහයක් උනා තව මාස දෙක්කින් චූටිගෙ දානෙ. ඔයා මොකක්ද මෙ නටන පිස්සුව"
" ඔයාලට ඔය දානෙනම් ප්රශ්නෙ මං ඒ ප්රශ්නෙ විසදන්නම්. මට සතියක් දෙන්න අම්මා "
" ඇයි සතියෙන් උබ චූටිට පන දෙන්න ද ලොකු"
" අම්මා දන්නවද. ලොකු චූටිට කොච්චර ආදරෙ කරාද කියල "
" ම්ම්ම්ම්ම් "
" එයා අතුරුදන් උනාට මැරුන කියල ඔයාල හිතුවට මං කවද්ද අම්මා ඒක පිලිගත්තෙ"
" ඒ කියන්නෙ ඔයා තාම එයාව හොයනවද. ඒත් එයා නැති උනෙ මෙහෙනෙ පුතා."
" අම්මා එයා නැති උනා තමා ඒත්...... "
" කියන්න අනෙ මට මෙහෙම ගින්දර දෙන්නෙ ඇයි රත්තරනෙ "
" හරි මං ඔක්කොම කියන්නම්....."
.........................................................
නැවත හමුවෙමු
මම රූ 🌸
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......