" අහ් කමක් නෑ රශ් බබා ආස නෑනෙ දිග නම් වලට. ලව් කියල කියන්න කමක් නෑ."
ලව් මොකක්ද ඔයා කරන්න හදන්නෙ ඔය...
" යේහ්හ්හ් ලව් අංකල් ඔයා තමා බෙස්ට්.... රශ් ඔයාට ගොඩාක් කැමති "
" හරි හරි ඔක්කොටම කලින් රෙස්ට් කරල ඉන්නකො දෙන්නම. එන්නකො මං ඔයාලගෙ කාමරේට එක්ක යන්න"
ඒ මගෙ අම්මා. මං අම්මා පස්සෙන් හිමීට උඩට ගියා. එයා මාව එක්කන් ගියේ අවුරුදු ගානකට කලින් මං උන්න මගෙ කාමරේට. ඔව් ඒ මගෙ කාමරෙ පොඩ්ඩක් වත් වෙනස් වෙලා තිබ්බෙ නෑ.... මං හිමින් හිමින් ගිහින් මගෙ පොත් මේසෙ පුරා අත් යැව්වා මගෙ පොත් එහෙම්මම තිබ්බ. දෙවෙනි අවුරුදු පහක් එව්ව එහෙම්මම තියෙනවා. මං ආසාවෙන් එකතු කරපු කාසි කැටෙ අනෙ ඒක පිරික තව කැට දෙකකුත් පිරිලා...... මගෙ ඇස්වලට කදුලු ආවා..... මං එහෙම්මම ගියෙ මගෙ අල්මාරිය ලගට. ගිහින් ඒක ඇරියම දැක්ක දේනම් මට පොඩ්ඩක් අමුතු උනා. පැත්තක තිබ්බෙ මගෙ යුනිෆෝම් මගෙ ඇදුම් අරව මෙව්ව අනික් පැත්තෙ තිබ්බෙ වෙන කාගෙ හරි ඇදුම්.... ඒ කියන්නෙ වෙන කෙනෙක් මගෙ කාමරෙ පාවිච්චි කරනවද...... හිත පොඩ්ඩක් රිදුනා කිව්වොත් හරි. ඉක්මනින් අල්මාරිය වහල දාපු මං හැරිල අම්මා දිහා බැලුවෙ ඒ කවුද කියල අහන්න වගෙ. අම්මා පිටිපස්සෙන් ආව තාත්තා රශ් ව ඇදෙ තියාන මගෙ ටෙඩියො ටික එයාට දෙනවා. අව් දොර ලග නැවතිලා. අම්මා එකපාරටම ලව් දිහාට හැරුනා.. ඒත් ඇයි ඒම කිව්වෙ....
" ලොකූ.... ඔයාගෙ බඩු ටික අස් කරගන්න"
" හ්ම්ම්ම්"
එච්චරයි. ලව් ඇවිත් අල්මාරිය ඇරල අර නුහුරු ඇදුම් ටික අර යන්න ගියා.
තව ටික්කින් ඇවිත් වොශ් රූම් එකට ගිහින් තව්ස් මොනාද අරන් ආවා. කාමරෙන් තව මොන මොනවද අරන් පාඩුවෙ ගියා. ඒ කියන්නෙ එයා මගෙ කාමරේද මෙච්චර දවස් හිටියෙ.... ඒත් ඇයි.... ලව් ආස නෑනෙ මේවගෙ පාට ගොඩාක් තියෙන තැන්වලට එයා ආස තනි සුදුපාට ට. මගෙ කාමරෙ පාට පාට ලෝකයක් හැබැයි එයාගෙ කාමරෙ තනි සුදුපාටයි .......... අනෙ මංද මයෙ මොකො.ඉස්සර එයා කියන්නෙ.........
" ඔයා දේදුන්නක්... මම තනි සුදු කැන්වස් එකක්.... කැමතිනම් මගෙ පුංචි දේදුන්නට පුලුවන් මගෙ ජීවිතෙ පාට කරන්න. හැබැයි කරුනාකරල කලුපාට විතරක් පාවිච්චි කරන්න එපා මං බයයි."
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
أدب الهواةඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......