ඉහළින් අවසරෙ ගත්තු මම නාගන්න කියල කාමරේට ආවා. මුහුදු වැලි... ලුණු..... ඇග කසනවා වගෙ... පැය ගානකට පස්සෙ මං නාගෙන කාමරේට ආවා. ලව් ඉන්නව ඇදට වෙලා ෆෝන් එකට හොම්බ දිග් කරගෙන.
" ලව්.... මේ.... ඒයි"
" ම්ම්ම්ම්ම්"
" යන්නම් ඈ"
" මගෙන් වැඩක් නැ කිව්වෙ. අම්මි කාඩ් එකත් දුන්න නේද "
" ඒත් ඉතින් මගෙ හපුටු සුදා තරහ කරගෙනත් බෑනෙ මට මේ වීර චාරිකාවට අවධානය දෙන්න "
" මං අකමැත්තක් නෑ බිගුන් ඒත්....."
එයා ෆොන් එක පැත්තකට දාලා බාත් රොබ් එක පිටින් උන්න මාව එයා ගෙ උකුලට ඇදල අරගෙන මාව ටිකක් තදින් බදාගත්තා. ඇයි මේ....
" අයියේ.... ඔයා අකමැති නම් මං යන්නෑ."
" අකමැති නෑ බන්"
" එහෙනම් "
" එක, මට උබ නැතුව නින්ද යන්නෑ. දෙක ගිහින් මොන කරදරයක් කරගනිද දන්නෑ"
" ම්ම්ම්හ් නින්ද නම් මං කෝලක් දාන්නම් අප්පා.... අනික කසුනා යනවනෙ මං එක්ක"
" අන්න ඒක තමා භයානකම දේ. ඌයි මූයි එකතු උනාම තුන්වෙනි මහා ලෝක සංග්‍රාමය පටන් ගත්ත වගෙනෙ"
" යනො යන්න "
" ඇයි මෙ කොන්ඩෙ බාගෙට පිහින්නෙ"
" කම්මැලි. මං අම්මාට කියල පිහාන එන්නම්"
" අනෙ මංද බන් උබ තවත් යනව හුරතල් වෙන්න. යන් යන් මට බඩත් ගිනි. ඇදුමක් දාගෙනම එන්න."
" ම්ම්ම් යමු "
පහුවදා උදෙත් පුරුදු විදිහටම ලව් මට කලින් රශ්වත් අරන් ගෙදරින් ගියා. මං ලෑස්ති වෙලා පල්ලෙහාට එනකොට අම්මා කෑම එක දීල කිස් එක්කුත් දුන්නෙ මගෙ චූටි පරිස්සමෙන් කියල. එයාගෙ ආදරේට මං මාර ලෝබ උනා. රශ් එක්ක පවා ඉරිසිය කරා. අම්මා එයාගෙ ආදරෙ කාටත් වඩා මට දෙන්න පරිස්සම් උනා කියල මට හොදට දැනුනා.
බයිසිකලෙත් අරන් මං එලියට ඇවිත් හොද හුස්මක් අරන් ගමන පටන් ගත්තා. තව දවස් දෙක්කින් තමා ට්‍රිප් එක යන්නෙ. ඒකටත් පර්මිශන් ලැබුන ප්‍රීතියෙන් පිනා ගිහින් පිනට ඇඩ්රස් නැති උනෙ පාර අයිනෙ අරලිය ගහක මල් පොකුරක් දැකල.
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......