🌸 Chapter 14 🌸

34 5 0
                                    

❤️ බිගුන්ගේ පැතිකඩ ❤️

ඇයි අර මෝල්ගස් ලන්තෑරුම මාව මගෑරියෙ.. මං මොනා කරාටද.... ඔය මිහිරි අමිහිරි වෙන්න ඉතාමත් ලගයි. විසාල කරදරයක් උනානෙ මේක....

මං විසාල කරදරෙ ගැන හිත හිත පඩිපෙල බැහැගෙන බැහැගෙන පලෙහට ආවෙ මෙලෝ සිහියෙන් නෙවෙ තමා ඒත් ගෙදෙට්ට මිනිස්සු ඇවිත් කියල නොපෙනෙනෙන්න තරම් මට යමක් වෙලාද..... එකපාරටම විවාන් අයිය ඇවිත් මාව ඇදල ගත්තෙ මොකෙක්ද එකෙක් වගෙ මාව ඇදිල ගිහින් එයාගෙ ඇගෙත් වැදිල එලොව පොල් වලු ගනන් පෙනෙද්දි.
යසයි මෙ වතාවෙ පොල්ම පෙනුනනෙ මට.
එක අතකින් මාවත් අල්ලන් විවාන් අයියා මාව පස්සට වගෙ කරගත්තා. මං හිමීට එබිල වගෙ බැලුවෙ ඇවිත් ඉන්නෙ කවුද කියල.

" අහ් ඔය ආවෙ "

" එනව බිගුන් ගෙදර යන්න. ආතක් පාතක් නැ වගෙ ගෙවල් ගානෙ ඉන්නෙ මොකද තමුසෙ. ඊටත් ඉන්න තාලෙ බලනවා. විලිසංගයක් නැද්ද "

" ඇයි මොකද මගෙ දරුවා හෙලුවෙන් නෙවෙනෙ ඉන්නෙ රීටා"

" ඔව් පේනවා... පේනවා.... මූ මෙතන ඉදගෙන කාගෙ කාගෙත් ඕන එපාකම් පිරිමහන බවනම් මටත් දැන් පේනවා"

" රීටා තමුන් දරුවො ඉස්සරහ කතාකරන්න ඉගෙන ගන්නව ඔක්කොටම කලින් "

" ඒවා මං බලාගන්නම්. මගෙ දරුව මට දීපියව්"

" රීටා, චූටි දැන් අවුරුදු දහ අට පිරුනු දරුවෙක් එයාට එයාගෙ ජීවිතෙ ගැන තීරණය කරන්න අයිතියක් තියෙනවා"

" මං උගෙ අම්මා. බිගුන් දැන්ම මෙ දැන්ම එනව ගෙදර යන්න "

මෙ ඔක්කොම බලාගෙන මං හිටියෙ විවාන් අයියව මිරිකගෙන වගේ. මගෙ ඇස් වලින් කදුලු ඉබේම ගැලුවා. මගෙ අම්මා මාව අරන් යන්න ඇවිත් ඒත් ඒ ආදරෙ නිසාද...

" අම්.....මේ.... ම්....ම...ර්මට.... එන්න. බෑහ්"
"ඇයි ඇයි උබට එන්න බැයි. උබ මෙතන පො&%&  වගෙ කොල්ලො එක්"

" එක්ස්කියුස් මී ආන්ටී... බිහෙව් යුවර් සෙල්ෆ් ඕකේ...."

" අම්ම්මේ.... ඔයා ය..න්න"

" බිගුන් උබ නාවොත් මං උබව දරුකමෙන් අතුගානව දැනගනින්. "

" කමක් නැ."

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now