" අහ් සුද්දාහ්හ්හ් මොකො ගෙට යන්න බෑද.. කිල්ලට අහුවෙලාද."" නෑ නෑ ඔයා එනකම් හිටියේ..."
" ඒ මොකො මං එනකම් හිටියෙ සුදු පුතාට සාංකාවද....."
" අම්මේ ඔව් ඔව් මට සාංකාවනෙ..."
" හරි හරි කියන්නකො ඉතින් මේ මග බලාන උන්නෙ මොකො කියල "
" පුරුදු වෙන්න යැ ඉතින් මෙ "
" ආහ්හ්හ්හ් "
" බිගුන් දන්නවද දෙයක්."
" මොකක්ද "
" ඔයා අවුරුදු පහකින් ආයෙත් ඉස්සරෝම දකිනකොට මට මොකක්ද හිතුනෙ කියල "
"මොකක්ද හිතුනෙ"
" කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා..... ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා... තිබුනටත් වඩා...."
" මට බැරි උනාට මුණගැහෙන්න කාලෙකින් ඔයා..... මං ආදරෙ කරා ඔයාට ලෝකෙටත් වඩා ලෝකෙටත් වඩා... "
මං එහෙම කියල බයිසිකලෙත් අතෑරල ගිහින් ලව් ව බදාගත්තා. අපිටම කෝලමට වගේ හීනියට වැස්සක් වැටෙන්න ගත්තා. ලව් ඉක්මනින් එයාගෙ කෝට් එක ගලවලා අපි දෙන්නම කවර් කරගෙන මගෙ දිහාවම මහ අමුතුවට බලාගෙන හිටියා. දවසින් දවස අපි තව තවත් ආදරෙන් බැදෙනවද මංදා. මට හිතුනා මේ මගෙ ජීවිතෙ ලස්සනම කාලෙ කියල. බයිසිකලෙත් ගේට්ටුවෙන් ඇතුලට දාපු අපි දෙන්න එහෙම්මම බීච් එකට ගියා. වැල්ලෙන් ඉදගෙන වඩේමල්ලක් බදාගත්තු මම ඒක ගිලින්න ගත්තා... ලව් මුහුද දිහා බලාගෙන තනියම හිනාවෙනවා.
"මොකො තනියම හිනාවෙන්නෙ"
" උබ තවත් හුරතල් වෙලා බන්. බලපන්කො පොඩි එකා වගෙ වඩෙ මල්ලත් බදාගෙන. තෙල් දරුවො ඕවගෙ"
" ආහ්හ්හ් ඔය හදන්නෙ ඔක්කොම කන්න නේද "
" මට එපා ඔයා කන්න. බබා අහන්නකො"
" ම්ම්ම්ම්ම්"
" අපි........ "
"ඔව් අපි"
" අපෙ රශ්ට තනි ඇතිනෙ....,"
" මොන තනිද අනෙ අම්මා තාත්තා ඉන්නේ. හවසට අපි දෙන්නත් ඉන්නවනෙ"
"මෝඩ කොල්ලා"
" ඔව් ඔව් මං දැන් මෝඩ මැටි කොල්ලනෙ.... යසයි මටත් වෙච්ච වැඩෙ. මං යනව වෙන කොල්ලෙක් හොයාන"
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......