" අහ් මේ වතුර එක බොනවා. බීල කෙලින්ම කාමරේට යන්න ඔනෙ."" අනේහ් අප්පා...."
" බිගුන් මං ආයෙ කියන්නෑ"
" හැව් හැව් තමා යන්නම් වදේ. මේක මල විකරයක් උනානෙ අප්පා "
...............................................................................
බිගුන්ව කාමරෙට යැව්වෙ ඇයි කියල මට තේරෙන්නෙත් නෑ. හැබැයි විවාන් අයියා එක්ක බිගුන්ව තියන්න දැන්නම් මං කැමති නෑ. ඒක තේරිලමද මංදා අයියත් අත සෝදගෙන එයාගෙ කාමරේට ගියා.
දැන් ඉතින් මං මේව අස් කරන්න එපැයි.
මං ඉතින් සිංදුවක් කිය කිය කුස්සිය අස් කලා. බඩු වගයක් ගේන්න කියල හවස් වෙලා බිගුන් අම්මත් එක්ක කඩේ ගියා.
මම හෙට ක්ලාස් එකෙ ටියුට් එක රීචෙක් කරන ගමන් හිටියෙ. බිගුන්ගෙ කාමරේ එයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා. ඇත්තටම සිහිය නම් අන්තිමයි මේ කොල්ලගෙ. තනියම කියව කියව මම කාමරේට ගියෙ ෆෝන් එක ආන්ස්වර්‍ර් කරන්න හිතාගෙන.ම්ම්ම්ම්ම් සේව් නැති නම්බර් එකක්. කෝකටත් කියල මං ආන්ස්වර්‍ර් කරල සද්ද නැතුව කනේ තියාගත්තා.
" හෙලෝව් බිගුන්.... මං මිහිරි අනෙ ෆෝන් එකනම් කට් කරන්න එපා. මං ඒක කිව්වෙ වැඩිය හිතල නෙවෙ."
" හ්ම්ම්ම් "
" හරි කතාකරන්න කැමති නැත්තම් අහන් ඉන්න මං කියන්නම් ඔක්කොම ''
" හ්ම්ම්ම් ''
" බිගු.... මං මං ඒක හිතල කිව්වෙ නෑ. නිකම්ම කියවුනා. මං දන්නව ඔයා ඔහෙ ඉන්නෙ ඔයාට කවුරුත් නැති නිසා කියල. ඒත් මිනිස්සු හිතන්නෙ එහෙම නෙවෙයිනෙ. ඔයාට තේරෙනව නේද මං කියන දේ. මං ඕන්නම් ඩැඩීට කියල ඔයාට ඉන්න තැනක් හොයල දෙන්නම්. අනික ඔයා හොදටම දන්නව බිගුන් මං ඔයාට කොච්චර ආදරෙ ද කියල. ඔයාට දැන් මටත් වඩා ඔය සර්ගෙ පුතාව ලොකු උනාද. කොයිවෙලෙත් එයා ගැනම කියවන්නෙ. එයා කොල්ලෙක්නෙ අනික. ඒත් මට එයා එක්ක ඉරිසියයි. ඔයා අහගෙනද ඉන්නෙ "
" හ්ම්ම්ම්"
" ඇත්තටම බිගුන් සමාවෙන්න එදාකරපු දේට. මං.... මං හිතුවෙ ඔයත් ඒකට කැමති වෙයි කියල. ඒත් මට දැන් තේරෙනව ඔයාව එහෙම කිස් කරපු එක වැරදි කියල. ප්ලීස් මාව අන්බ්ලොක් කරන්න බිගුන්. ඔයා මාව ඈත් කරන්න හදන්නෙපා. මට හරි දුකයි බිගුන්. ඔයා එක්සෑම් වලින් පස්සෙ මට ගොඩාක් මගෑරෙනවා. මට ඔයාව ඕනි. ඔයා දැන් වෙනස් වෙලා."
බීප් බීප් බීප්...........
තවත් අහගෙන ඉන්න බැරි නිසා මං කෝල් එක කට් කරල ෆෝන් එක ඇදට විසි කරා. මාව වෙව්ලනවා. මේ කරදරෙන්නම් ලේසියෙන් ගැලවෙන්න වෙන්නැ. එහෙන් එකෙක් මගෙ කොල්ලව මරන් කන්න හදනවා. තව එකෙක් ඌව මගෙන් උදුරගන්නව කියනව. දැන් මේකිත් ඇවිත් නාඩගම් නටනවා. මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ. කාමරෙන් එලියට යන්න හදනකොටම බිගුන් කාමරේට ආවා
" ඔහ් ලව්"
" ම්ම්ම්ම්"
" මොකක්ද කරන්නෙ මෙතන "
" කෝල් එකක් ආව ඔයාට"
" කවුද "
" මිහිරි"
" වෙන්න බැහ්. මං එයාව බ්ලොක් කරා"
" අලුත් නම්බර් එක්කින් ගත්තෙ "
" හ්ම්ම්ම් මොකො කිව්වෙ "
" වැදගත් දෙයක් නැ මං යන්නම්''
" ලව් ඇත්තටම මොකුත් කිව්වෙ නැද්ද...... නැත්තම් ........"
" හ්ම්ම් ඇත්ත."
මං ඇයි බිගුන්ව එහෙම මගෑරියෙ කියල මට තේරෙන්නැ....
...............................................
ආයෙත් හමුවෙමු
මම රූ 🌸
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......