🌸 Chapter 36 🌸

32 2 0
                                    

" බිගුන් මම මිහිරි. ඒ ලෙවල් ක්ලාස් එකෙ.... "

" මිහිරි ඔයා????"

" හ්ම්ම්ම් බිගුන් තාම මං එක්ක තරහ ද "

" නෑ මොකටද. පොඩිකාලෙ දේවල් මතක තියන් තරහ වෙන්න අපි තවදුරටත් පොඩි ලමයි ද මිහිරි"

හම්මට අමිහිරි. ලව් මෙතන හිටියනම් පැලිල මැරෙන්නෙ ඕකා.... ලව්ගෙ පරම හතුරා සීන් එකට ඇවිත් හත්තික්කේ.... දැන් ඉතින් කුමාරයා බෙදාගන්න රණ්ඩු කරයිත දන්නෑ... අනේහ්හ්හ්

" මං මැරි කලා බිගුන්"

හරිනෙ රණ්ඩු කරයි අහවල් එක. උබ හීන මවනව වැඩි බිගුනා ඇහැරියන් යකෝ.... හරි ආස ඇති බෙදාගන්න රණ්ඩු කරනවට හොදවැඩෙ මට.

" ශෝක්නෙ... එතකොට හස්බන්ඩ් ? "

" ම්ම්ම්ම් ඒ වගේම ඩිවොස් උනා"

යෝ යෝ හදිසි තීරන වලට එලබෙනවනෙ.... කෙල්ල තනිකඩයි. රණ්ඩු වෙයි ඔය කිව්වට. බලමුකො හිකි හිකි. මටත් තියෙන්නෙ මහ පුකෙ ආසාවල් තමා

" අයියො...."

" හ්ම්ම්ම්ම් මං එදත් හිතුවෙ බිගුන් තමා හොදම කෙනා කියල...."

" ඒත්"

" හරි හරි ඔයාට ලේට් වෙනවනෙ අපි වෙන දවසක මීට් වෙලා කතා කරමු. ඔයාගෙ නම්බර් එක දෙනවද."

මං ඉතින් කුප්ප අදහසකුත් ඔලුවෙ දලුලන නිසා එකපාරින්ම නම්බර් එක දුන්න. මං බැන්දද කියල වත් මේකි ඇහුවෙ නෑනෙ. යසයි අමිහිරි ඔයාගෙ කල්කිරියාව.

මං සටපට ගාල ආයෙත් කැෆෙ එකට ආවා. අද මං පරක්කුයි. මං ආව ගමන් දිව්වෙ මල් පොකුරත් අරන් බුදු සාදු හම්බෙන්න ලොක්කගෙ ඔෆිස් එකට.
විහග සර් ඇවිත් වාඩිවෙලා ෆයිල් එකක් චෙක් කරනව දෙයියනේ වෙලාව අටත් පහුවෙලා නේද. අමිහිරි මාව කාපන් ගොන් ගෑනි.

මං ඉක්මනින් මල් ටික දීසියෙන් පිලිවෙලකට හදල පැන් ඉස්සා. බුදු පහන පිරිසිදු කරල හවසට යන නිසා කරදරයක් නෑ තෙල් දාල තිරෙ පොගවල මං පහන පත්තු කරා. හදුන්කූරු ගහනෙක අරන් හදුන්කූරකුත් ගහල දන්න කියන ගාථා ඔක්කොම කියල බුදුන් වැන්දා. ඕකට ඉතින් මට සෑගෙන වෙලාවක් යනවා. ශේප් එකෙ එලියට යන්න දොරට අත තිබ්බා විතරයි....

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now