Chapter four

522 66 6
                                    

ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගෙ පපුව අස්සේ ඔළුව ගහගෙන. ජන්කුක් තාමත් තද නින්දේ ඉද්දි ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙන හිටියා.
ජන්කුක්ගෙ සුදු පාට හම උඩ ටේහ්‍යුන්ගෙ දත් පාරවල් රතු පාටට ප්‍රින්ට් වෙලා තියෙද්දි ටේහ්‍යුන්ට දැනුනේ ලොකු සතුටක්.
ජන්කුක්ගෙ නලලේ ඉදන් පහලට එක ඇඟිල්ලක් අරගෙන ගියපු ටේහ්‍යුන් ජන්කුක්ගෙ බෙල්ල පැත්තකින් ඒ ඇඟිල්ල නතර කලා.
එතන ටේහ්‍යුන් එක දෙයක් නෝට් කරා.

"ඒ වගේමයි.." ටේහ්‍යුන් එයාටම කියාගත්තා. ඒ දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් එයාගේ මතකය අරන් ගියේ අවුරුදු ගානක් ආපස්සට.

Flashback

"සොකී බේබි... කෝ මගේ සොකී බේබි.. කෝ එන්න හියුන් ළඟට.."

"හැපි බර්ත්ඩේ මගෙ සොකී බේබි.. ඔන්න හියුන් තමා සොකී බේබිට මුලින්ම විශ් කරේ.."

පුංචි ටේහ්‍යුන් හිටියේ මාස ගානක් විතර වයස වුනු පොඩි පිරිමි ළමෙක්ව වඩාගෙන හුරතල් කරන ගමන්.

ඒ පුංචි බබාගේ fuffy cheeks වලින් ටේහ්‍යුන් චූටි කිසස් තියද්දි ඒ පුංචි ළමයා අත් උඩ දාන ගමන් ඇස් බෝල කරගෙන හිනාවෙන විදිහ දිහා පුංචි ටේහ්‍යුන් හරි ආසාවෙන් බලාගෙන හිටියා.

"හියුන්න්න්න්න්න්න්න්න්න්!!!! සොකී බබා මගේ.. ඔයාත දෙල්ලේ ලෑ එයාව!!
සොකී බබා මත දීලා ඔයා යල්ල.. නැත්තන් මං ඔම්මාට කීනවා ඔයා සොකී බබාත ගැඋවා කීලා"

එතනට දුවගෙන ආපු තව පුංචි පිරිමි ළමෙක් ටේහ්‍යුන්ට හුරතල් තර්ජනයක් කරන ගමන් අතේ ඉන්න සොකී බබාව ටේහ්‍යුන්ගෙන් අරගන්න හදනවා.
ඒත් මේ පිරිමි ළමයා ටේහ්‍යුන්ටත් වඩා ගොඩක් වයසින් බාල කෙනෙක්.
පුංචි සොකී බබාව වැටෙයි කියන බයට ටේහ්‍යුන් ඒ පුංචි පිරිමි ළමයගේ මට්ටමට පාත් වෙන ගමන්..

"අනෙ මගෙ මෝචියෝ හරි හරි සොකී බබා ඔයාගේ.. ඒත් මෝචි... සොකී බබා
වැටිලා ඌවා උනොත් එහෙම.. ඔයා කැමතිද සොකී බබාට ඌවා වෙනවට..?"

පොඩි පිරිමි ළමයාගෙ චබී චීක් එකක් රතු වෙන්නම අල්ලන ගමන් ටේහ්‍යුන් ඇහුවා.

"නෑ!!!!!!!!!!!! සොකී බබාට ඌවා උනොත් මෝති ට ගොදාරියක් දුක හිතෙනෝනේ."
පුංචි පිරිමි ළමයා අත් දෙක දෙපැත්තට කරන ගමන් කිව්වා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now