Chapter nineteen

430 66 8
                                    

"රූෆ් ටොප් එකට එනවා! අද මේකේ දෙකෙන් එකක් විසඳගන්න ඕනේ ටේහ්‍යුන්! "

ටේහ්‍යුන්ගෙ උරහිසෙත් හැප්පෙන ගමන් ජින් රූම් එකෙන් එලියට ගියා. ඒ වෙද්දිත් ජන්කුක් හිටියේ නිදාගෙන. ජන්කුක්ගෙ මූන ගොඩක් මහන්සි පාටට තියෙද්දි ටේහ්‍යුන් ඒ මූන දිහා බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව.

ටික වෙලාවක් ජන්කුක් දිහා බලාගෙන හිටිය ටේහ්‍යුන් නැගිටලා කෙලින්ම ගියේ රූෆ් ටොප් එකට.

.

.

.

.

"ජින් හියු-- "

Slap * 

ටේහ්‍යුන් ආපු ගමන් ජින් ටේහ්‍යුන්ගෙ කන හරහා පාරක් ගැහුවා.

"මොකද්ද මේ විකාරේ ටේහ්‍යුන්!! තමුන්ටයි අර මහ ලොකු ප්‍රයිම් මිනිස්ටර්ටයි මොලයක් කියලා දෙයක් නැද්ද! මනුස්සයෙක් වෙන්න බලනවා ටේහ්‍යුන් ඔහොම සතෙක් වගේ හැසිරෙන එකෙන් තමුන්ට ලැබෙන දෙයක් නැහැ!! "

ජින් කෑගැහුවා. ජින් කියන වචනයක් ගානේ ටේහ්‍යුන් එයාගේ අත් මිට මොලවන් ගොඩක් ඉවසීමෙන් අහන් හිටියා.

"මං මෙච්චර දවසක් ඔයාලාගේ වැඩ වලට මුකුත්ම කිව්වේ නැහැ ටේහ්‍යුන්. ඒත් මෙහෙම අහිංසක ජීවිත දුක් විදිනවා බලන් ඉන්න මට බෑ. සමහර මිනිස්සු ඉන්නවා ටේහ්‍යුන් මේ ලෝකේ ජීවත් වෙන්නවත් සුදුසු නැති. ඒත් සමහර මිනිස්සු... ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තරම් මේ ලෝකේ සුදුසු තැනක් නෙමෙයි. ඒ දෙගොල්ලෝ වෙනස්. ඒ වෙනස තේරුම් ගන්න. "

ගොඩක් කාම් විදිහට ජින් ආයෙත් ටේහ්‍යුන්ට කතා කරා. කවුරුත් දෙන උපදෙසකට ඇහුම්කන් දෙන්නේ නැති ටේහ්‍යුන් පලවෙනි වතාවට අද ජින්ගේ වචන වලට ඇහුම්කන් දුන්නා. මොකද එකම දේ සිය දහස් වාරයක් කනට වැටෙද්දි ටේහ්‍යුන්ට බැරි වුනා තවදුරටත් ඇහුම්කන් නොදී ඉන්න.

.

.

.

"ඕකේ දෙන්... මං එකම එක චාන්ස් එකක් ජන්කුක්ට දුන්නොත්? ඌව නොමරා අත ඇරියොත්? --- "

"එයා නිදහසේ ජීවත් වෙයි. .....
මැරීඩ් කපල් එකක් වෙන් කරන්න මට අයිතියක් නෑ ටේහ්‍යුන්. ඒත් තවදුරටත් ඔයා ජන්කුක්ට මේ විදිහට කරොත් මට එදාට තීරණයක් ගන්න වෙයි. "

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now