"ම්..මාම්?"
වීල් චෙයා එකේ හිටපු මැදි වයසේ ගෑනු කෙනා හැරෙනවත් එක්කම ජන්කුක්ට කෑගැස්සුනා. මොකද ඒ හිටියේ ජන්කුක්ගෙ මාම්. එහෙමත් නැත්තම් ජියොන් සියා.
ලොකු මලානික පෙනුමක් එක්ක ඇඟට කිසිම පණක් නැතුව වීල් චෙයා එකේ ඉදන් ඉන්න එයාගේ මාම් ව දැක්කහම ජන්කුක්ට දැනුනේ පපුවට කඩුවකින් අනිනවා හා සමාන වේදනාවක්. ජන්කුක් ගොඩක් ශොක් වුනා. එක පාර ආපු ශොක් එකත් එක්ක ජන්කුක්ට කිසිම සිහියක් තිබුනේ නැහැ එයාගේ මාම් ළඟට ගිහින් එයාව තද කරලා බදාගන්නවත්. ජන්කුක්ගෙ කකුල් එක තැන ලොක් වුනා."ජ්..ජන්කූ..මගෙ දරුවා!!"
නැගිටලා ගිහින් ජන්කුක්ව බඳාගන්න ඕන වුනත් කකුල් හොලවන්නවත් බැරි වෙද්දි සියා ජන්කුක්ගෙ පැත්තට අත් දෙක දික් කරා.
සියා ජන්කුක්ට ළඟට කතා කරද්දි ජන්කුක් දෙපාරක් නොහිතා කෙලින්ම එයාගේ මාම් ළඟට දුවගෙන ගියා. මාම් ගේ වීල් චෙයා එක ළඟ දණ ගහගත්ත ජන්කුක් සියාගේ අත් දෙක එකට අල්ලගෙන සැරින් සැරේ ඒ අත් වලට පොඩි කිසස් තියන්න ගත්තේ ඉකි ගහන ගමන්."මාම්.. අනෙ.. අනේ මේ මොකද වුනේ.. කවුද ඔයාට මෙහෙම කරේ මාම්.. ටේහ්යුන්.. ටේහ්යුන් නේද.. එයා නේද.. මට කියන්නකො.. එයා නේද ඔයාට මෙහෙම කරේ! "
අඩන ගමන් ගොඩක් කලබලෙන් කියවගෙන යන ජන්කුක් දිහා එයාගේ මාම් බලාගෙන හිටියේ කඳුළු පිරුනු ඇස් වලින්.
ඒත්...
"නැහැ කූ..ට්..ටේහ්යුන්.. එයා තමා මාව මෙහෙම හරි බේරගත්තේ.. ඒ..ඒ ඔයාගේ ඩෑඩ්!! ඒ මනුස්සයයි මට මෙහෙම දෙයක් කරේ!! ඔයාලගේ වෙඩින් එකට පස්සේ දවසේ ඩෑඩ් ගේ මිනිස්සු හැදුවෙ මාව මරලා දාන්න! ටේහ්යුන් හිටියේ නැත්තන් මං මේ වෙද්දිත් මැරිලා ගිහිල්ලා කූ"
සියා දුන්න උත්තරේත් එක්ක ජන්කුක්ගෙ ඇස් එකපාර ලොකු වෙලා ගියා. ජන්කුක්ට දැනුනේ හැමදේම පැටලිලා වගේ. ඩෑඩ් ව හිර කරගෙන වද දෙන විදිහ ටේහ්යුන්ම ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ පෙන්නද්දි සියා කියන දේවල් පිලිගන්න ජන්කුක්ගෙ හිත ලෑස්ති වුනේ නැහැ.
"මාම්.. ඔයා.. ඔයා මේ මොනාද කියන්නේ.. නැහැ! එහෙම වෙන්නේ කොහොමද.. ඩෑඩ් එහෙම කරන්නේ නැහැ මාම්.. ඒ හැමදේම කරේ ටේහ්යුන්! එයා.. එයා ඩෑඩ්වත් හිර කරන් ඉන්නේ මාම්!! ටේහ්යුන් කියන්නේ අපි හිතන කෙනා නෙමෙයි. එයා.. එයා ගොඩක් දරුණු කෙනෙක්. H.. he is the king of mafia!! "

YOU ARE READING
𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤 ✔
Фанфик𝐇𝐞 𝐢𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐡𝐢𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are mentioned here. Don't judge their real lives by these characters. Top : Tae Bottom : Kook Taekook Fanfiction - Mature content ⚠️️ ...