Chapter twenty one

515 68 7
                                    

"ඇයි!? "

ටේහ්‍යුන් අහද්දි ජන්කුක් එයා අල්ලන් ඉන්න ටේහ්‍යුන්ගෙ අත දිහා බැලුවා. ටේහ්‍යුන්ගෙ අත හිමින් අත ඇරපු ජන්කුක්...

"ම්..මට මෙහෙ ඉන්න ද්..දෙන්න.. මට අ..ආයෙත් යන්න තැනක් නැහැනෙ.. ප්ලීස් ම්..මට.. මට ඔයා එ..එක්ක ඉන්න ඕනේ.."

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන අඬන අතරෙම කියද්දි ටේහ්‍යුන් සම්පූර්ණයෙන්ම ජන්කුක්ගෙ පැත්තට හැරුනා.

"ඒ කියන්නේ ඔයාට ඩිවෝස් වෙන්න බැහැයි කියන එකනෙ? ම්ම්? " ටේහ්‍යුන් අහද්දි ජන්කුක් බිම බලාගෙන එකපාරක් ඔළුව වැනුවා. ඒත් ටේහ්‍යුන්ගෙ මූනේ පෙනෙන නොපෙනෙන ගානට ඇදුනු හිනාව නම් ජන්කුක් දැක්කේ නැහැ!

"හ්ම්ම්. ඔයාට පුළුවන් මේ මැන්ශන් එකේම ඉන්න. කලින් විදිහටම. බට්.. පොඩි කන්ඩිශන්ස් ටිකක් තියනවා."

බිම බලන් හිටිය ජන්කුක් එකපාරම ටේහ්‍යුන් දිහා බැලුවා. එක කකුලක් නමලා ටේහ්‍යුන් ජන්කුක් ළඟින් ඉදගෙන ජන්කුක්ගෙ මූන දෙපැත්තෙන් අල්ලගත්තා.

ජන්කුක්ගෙ උල් වෙලා තියන චෙරි ලිප්ස් උඩින් ඇඟිල්ලක් යවලා ස්මර්ක් කරපු ටේහ්‍යුන්..

"ඔයාට සිද්ධ වෙනවා මම කරන හැම වැඩකටම සපෝට් කරන්න. ඔයාට බැහැ මගෙන් ප්‍රශ්න කරන්න.  අනිත් දේ... ඒක කියන්න දැන් හොඳ වෙලාවක් නෙමෙයි. වෙන වෙලාවක ඒක හිමීට කියන්නම්කො. ම්ම්? "

වචනෙන් වචනේ බර කරලා කියද්දි ජන්කුක් ඇස් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බලාගෙන ඔළුව වැනුවේ රොබෝ කෙනෙක් වගේ.
මොකද ජන්කුක්ට දැන් ටේහ්‍යුන් කියන දෙයක් කරනවා ඇරෙන්න වෙන කිසිම ඔප්ශන් එකක් නැහැ.

ඒත් ටේහ්‍යුන් නොකියපු කන්ඩිශන් එක මොකද්ද කියන එක ගැන ජන්කුක්ට හිතන්න ඕන වුනත් ඒ තරම් මානසිකත්වයක් ජන්කුක්ට තිබුනේ නැහැ. සමහරවිට ටේහ්‍යුන්ගෙ ලස්ට්ෆුල් ඇස් දිහා හරි කෙලින් බැලුවා නම් ජන්කුක් ඒ දේ තේරුම් ගන්න බොහෝ දුරට ඉඩ තිබුනා. ඒත් අවාසනාවට හෝ වාසනාවට ජන්කුක් ඒ වෙද්දි හිටියේ ආපහු එයාගේ ඇස් බිමට හරවගෙන.

"කට ඇරලා උත්තර දෙන්න ජන්කුක්"

"හ්..හරි.. තේරුනා. ම්..මං එහෙම කරන්නම්. "

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now