Chapter six

508 68 7
                                    

"තමුන් මොකද මෙතන කරන්නේ කිම් ජිමින්! "

ඒ ඇහුන කටහඬට ජන්කුක්ගෙ අතේ තිබුන කෑම ප්ලේට් එක බිම වැටිලා කෑම සේරම විසිරිලා ගියා.

"ය්..යුන්ගි හියුන්? "

ජිමින් ඉන්න තැනම ඉදගෙන ඩෝර් එක දිහා බලන් කියද්දි ජන්කුක් බෙල්ල හරවලා ඒ ආපු කෙනා දිහා බැලුවා. ජන්කුක්ට ඒ කෙනාව හොඳට මතකයි. ඒ ටේහ්‍යුන්ගෙ හොඳම යාළුවා වුන මින් යුන්ගි. ටේහ්‍යුන් හා සමානවම දරුණු බැල්මක් තිබුන යුන්ගි දිහා බලන් හිටපු ජන්කුක්ගේ හාට් එක හේතුවක් නැතුවම ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තා.

"ඔව් යුන්ගි තමයි. මං අහන්නේ මෙතන මොකද කරන්නේ කියලා!. තමුන්ට මං ඊයේ රෑම කිව්වා ටේහ්‍යුන්ගෙ රූම් එකට යන්න එපා කියලා! කියන දෙයක් තේරෙන්නේ නැද්ද කිම් ජිමින්! "

යුන්ගි එක දිගට කෑගහන්න ගද්දි ජිමින් යුන්ගි දිහාම බලාගෙන හිටියා. ජිමින් කොච්චර හොඳින් ජන්කුක් එක්ක කතා කරත් මේ වෙලාවේ ජිමින්ගෙ බැල්මත් ටේහ්‍යුන් යුන්ගි හා සමානම වුනා.

ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජිමින් යුන්ගි ඉස්සරහට ගිහින් හිටගත්තේ ජන්කුක් මේ දෙන්නා දිහා බය වුනු ඇස් වලින් මාරුවෙන් මාරුවට බලද්දි.

"ඇයි!? මං මෙච්චර දවසක් හියුන්ගෙ රූම් එකට ආවනෙ? ඇයි අද විතරක් යුන්ගි හියුන්!?  අර ඉන්නේ මගේ බ්‍රදර් ඉන් ලෝ. ඕකේ? මට අයිතියක් තියනවා  ඕන වෙලාවක එයාව බලන්න එන්න.!"
"අනික... ඔය කිසි දේකට මේ අහිංසකයා පලි නෑ හියුන්. ඇයි ඔයාලා තේරුම් ගන්නේ නැත්තේ!? "

ජිමින් කිව්වේ කදුළු පුරවන් එයාලා දිහා බලාගෙන ඉන්න ජන්කුක්ව පෙන්නලා. ඒත් ජන්කුක්ට මේ වෙන කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් වුනේ නෑ. ජන්කුක්ට මේ දේවල් හරියට අඟක් මුලක් හොයාගන්න බැරි පැටළුනු නූල් බෝලයක් වගේ. මෙතන සිද්ධ වෙන්නේ මොනවද ටේහ්‍යුන් කියන්නේ කවුද එයාගේ රිවෙන්ජ් එක මොකද්ද... ඒ කිසිම දේකට හරි උත්තරයක් නොදැන ජන්කුක් ඉන්නේ හිතාගන්න බැරි තරමට අසරණ වෙලා.

.
.
.

"කවුද හරි කවුද වැරදි කියන එක ගැන ටේහ්‍යුන් තීරණය කරයි ජිමින්. අපිට බෑ එයාගේ තීරණ වලට විරුද්ධ වෙන්න. මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔයාගේ හියුන් ගැන. "

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now