ඩයිනින් ටේබල් වටේට ජින්, නම්ජුන්, හෝසොක්, ජිමින්, යුන්ගි,ටේහ්‍යුන් වගේම ටේහ්‍යුන්ට එහා පැත්තෙන් ජන්කුක් ඉදගෙන හිටියා. ජන්කුක් කිම් මැන්ශන් එකට ආවත් හරි අද තමයි මැන්ශන් එකේ ඩයිනින් රූම් එක දැක්කේ.
මුළු ඩයිනින් රූම් එකම ඩිසයින් කරලා තිබුනේ බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් තීම් එකට.
දහදෙනෙක්ට හරියන දිග ඩයිනින් ටේබල් එක, ටේබල් එකට උඩින් එල්ලලා තියන ලොකු ලෑම්ප් ශේඩ් එක, ටේබල් එක උඩ තියන ලොකු උස කැන්ඩ්ල්ස් පහ වගේම කැන්ඩ්ල්ස් පහ අතර එකක් ඇර එකක් තියලා තියන ෆ්‍රෙශ් වයිට් රෝස් බොකේ හතර ඩයිනින් රූම් එකේ තියන ඇට්‍රෑක්ටිව්නස් එක වැඩි කරලා තිබුනා.මේ අතර හැම කෙනෙක්ම එයාලාගේ ලන්ච් එක ගද්දි ජන්කුක් විතරක් එයාගේ ප්ලේට් එකේ තියන චිකන් කෑල්ල ෆෝක් එකෙන් එහාට මෙහාට කරන ගමන් හිටියා. ජන්කුක්ට එයාගේ ලන්ච් එක ගන්න තරම් කිසිම ආසාව තිබුනේ නැහැ. මොකද ජන්කුක් කල්පනා කරනවා.
ජින් එක්ක තනියම කතා කරපු මොහොතේ ඉදන් ජන්කුක් කරේ කල්පනා කරපු එක. ජින් කියපු දේවල් ජන්කුක්ගෙ හිතට ගොඩක් වද දුන්නා..
.
.
.
.
.
.
.
.
.
.
"ඔයාගේ ඩෑඩ් හොඳ කෙනෙක් නෙමෙයි ජන්කුක්. ඔයාගේ ඩෑඩ්ම තමයි ඔයාව ටේහ්‍යුන්ට දුන්නේ. හරිම විදිහට කිව්වොත්, එයා ඔයාව ටේහ්‍යුන්ට විකුණුවා! ඔයා මෙහෙම දුක් විදින්නේ ඔයාගේ ඩෑඩ් නිසා! ඔයා මතක තියාගන්න ඕන එකම දේ... ඔයාගේ ඩෑඩ් කියන්නේ ගොඩාක් කපටි චරිතයක්. ඔයාට මේ වුන දේවල් වලට වග කියන්න ඕනේ ඔයාගේ ඩෑඩ්.
YOU ARE READING
𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤 ✔
Fanfiction𝐇𝐞 𝐢𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐡𝐢𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are mentioned here. Don't judge their real lives by these characters. Top : Tae Bottom : Kook Taekook Fanfiction - Mature content ⚠️️ ...