Chapter twenty five

522 64 16
                                    

යුන්ගි කන්න අරන් එන්න පැය බාගෙගටත් වැඩිය ගත වෙද්දි ටේහ්‍යුන් ජන්කුක් එක්ක ගල්තලාව උඩ ඉදගෙන හිටියා. ටේහ්‍යුන් ජන්කුක්ගෙ එක අතක් තද කරලා අල්ලගෙන හිටියේ හරියට ජන්කුක්ව කවුරුහරි ඇවිත් අරගෙන යයි වගේ.
ඒත් ජන්කුක් එක්ක කොච්චර සතුටු වෙන්න උත්සහ කරත් පහු ගිය දේවල් ආයේ ආයේ මතකෙට එද්දි ටේහ්‍යුන්ට ඉබේම ජන්කුක්ගෙ මූන දිහා බැලුනා.

ටේහ්‍යුන් බලන බලන සැරයක් ගානේ ටේහ්‍යුන්ගෙ ඇහැ ගැටුනේ ජන්කුක්ගෙ ලෝවර් ලිප් එක යට තියන මෝල් එකට. ටික වෙලාවට බලන් හිටපු ටේහ්‍යුන් ඒ මෝල් එක ළඟට අත අරන් ගියා.

ඒත් කොහෙදෝ ඉදන් කඩාපාත් වුන යුන්ගි හින්දා ටේහ්‍යුන් ඉස්සරහට දික් කරපු අත ආපහු අරගත්තා.

"ආ.. ඉදා. කාපන් දැන්! "

"ඔතනින් තියපන් ඉතින්. මට බඩගින්නක් නැහැ."

"මොකක්!! යකෝ මාව අර අච්චර අරහේ කෑම අරන් එන්න යැව්වේ මොන එහෙකටද එහෙනං!! හෙන ගහන්න එපැයි.. මොන කකුල් දෙකේ බල්ලෙක්ද මේ!! මටත් හොඳ වැඩේ මූට අතට පයට ඔක්කොම කරලා දෙනවට"

කිලෝමීටරයකටත් වඩා දුර ගිහින් ප්‍රේස්ටි ශොප් එකකින් කන්න අරන් ආපු යුන්ගි දැන් ඉන්නේ මාරාවේස වෙලා. කොහොමත් එච්චර දුරක් ගෙවාගෙන පයින්ම ගිහින් පයින්ම ආපු මනුස්සයාට ටේහ්‍යුන්ගෙන් ඒ වගේ උත්තරයක් ලැබුනහම තරහා යන එක කොහොමත් සාධාරණයි.

"ඌට එපා නං ජන්කුක් ඔයාවත් මෙන්න මේක කන්න! දෙන්න එපා මූට එක කෑල්ලක්වත්! "

ශෝට් ඊට්ස් වගයක් දාලා තිබුන බෑග් එක ජන්කුක් අතට දුන්න යුන්ගි ටේහ්‍යුන්ට බැන බැනම ගල්තලාව බැහැගෙන වාහනේ ළඟට ගියා.

ජන්කුක් බෑග් එක පැත්තකින් තියලා ටේහ්‍යුන් දිහා බැලුවා. ඒත් ටේහ්‍යුන් කෙලින්ම බලාගෙන හිටියේ මීදුම නිසා වැහිලා තිබුන වනාන්තරය දිහා. කකුල් දෙක පපුව ළඟටම ළං කරගත්ත ජන්කුක් දණහිස් දෙක උඩ මූන තියාගෙන පැත්තට පේන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ ටේහ්‍යුන්ගෙ අවධානය කොයි වෙලාවක හරි ලැබෙයි කියලා හිතාගෙන.

තත්පර කීපයක් ගෙවිලා යද්දි ඉස්සරහ බලාගෙනම ටේහ්‍යුන් ජන්කුක්ට කතා කලා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now