"ආයිබෝවන් ළමයි!"
උදෙන්ම අර සුසන්තිකා ප්‍රියන්තිකා ආර්තික විද්‍යාව උගන්නන්න ආවා .ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් මටත් හොද වැඩේ O/L 7A අරන් කොමස් කරන්න ආවට. සැක් මේ මලදානේ ඉන්නවා කියලා දන්නවනම් කොහොමත් එන් නැ . එන් නැ කිව්වොත් එන් නෑමයි .
මට මේ ටීච මැඩම් එක්ක තියන තරහටත් එක්ක ආයුබෝවන් කියන් නැතුව එයාගේ මට වැඩිය කලු හැබැයි සුදු මූණ දිහා බලන් හිටියා .
"මෙවන් , තමුසෙට ආයුබෝවන් කියන්න බැරිද ? කරදඩු උස් මහත් වෙනකොට ඔහොම වෙනවා. අර එක වසර දෙක වසර පන්ති වලට ඉගැන්නුවනම් හිත සතුටින් උගන්නන්න තිබ්බා . මුං මං එනවටවත් කැමති නැ නෙ "
මැඩම් මගෙ මූණ දිහා බලන් පන්තියටම කෑ ගැහුව්වා .මට ගහන්න බැරිකමට තමා ඔය කෑ ගහන්නෙ . එක වසර දෙක වසර ඔච්චර හොදයිනම් ගිහින් උගන්නන එකයිනෙ ඇත්තෙ . ඇයි යකෝ උසස්පෙල පන්ති වලට ආවේ . ඔයා ගියානම් අපිත් සතුටින් ඔයත් සතුටින් නෙ ප්‍රියන්තියේ .
"ඊයේ දුන්න ගෙදර වැඩ ටික ගන්න ළමයි "
කෙලියා තාප්පෙට . සුදුමැඩම් මගෙ ඉස්සරහ හිටියට කමක් නැ . මගෙ පොතනම් ඉල්ලන්න එපා .
"ඒ උබ ලිව්වවද ? "
භවන්තයා මගෙ කනට කරලා ඇහුව්වෙ මැඩම් මං දිහා ඇහැකොනෙන් බලන් ඉද්දි . මැඩම් බලන් ඉන්නවා කියලා දැනුන නිසා මං භවන්තයාට හිනා වෙලා "ඔව් බං" කිව්වා .
ඒක අර ටීච මැඩම්ට ඇහිලා ඔරවව්වා එරවිල්ලක් මට අහසෙ තියන හත්දින්නත් තරු පේන්න . ඔව්වට බය වෙනවද ? මේ මෙවන් ඔව්වට බය වෙනවද ? පිස්සුද ? ඉස්කෝලේ හෙඩ් බෝර්ඩ් එකම හොල්ලන් ඉන්න මං සුසන්තිකා ප්‍රියන්තිකාට බය වෙන්න . අනෙ නිකන් හිටහං මැඩම් .
ප්‍රියන්ති මැඩම් නැගිටලා පිටීපස්සම පෝලීමෙ ඉදන් හෝම්වර්ක් කරපුවා බලන් එන්න ගත්තා . හුටා ~
"අඩෝ පොත දීපං. තව ටිකක් තියනවා . "
මං ඉතිං ඉස්කෝලේ ප්‍රධාන සිස්සනායකයගෙ අම්මා මුත්තා කිරි කිත්තා ඉදන් සිහිකරලා පොත පෙරලන් යද්දි 'ට~හුඩු .මේකේ ගනන් ඔක්කොම හදලා ' ඔහොම ඉන්න ඔහොම ඉන්න ඔහෝ~ම ඉන්න මේ මගේ අකුරු නෙවෙයි . භවන්තයගෙත් නෙවෙයි ~
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...