ඊයේ දවසම සෙරමනි එකේ ඉදලා අද සෙනසුරාදා උදෙන්ම නැගිටලා බිස්නස් ක්ලාස් යන්න එපැයි . අයියො එපා වෙනවා අප්පා . මේ A/L කරුමෙත් කවදා ඉවර වෙයිද දන් නැ . උදේ හයේ ඉදන් නැගිටලා සුදුමහත්තයා කොහොම හරි ලෑස්ති වෙලා මේ පාරට යන ගමන් .කොහොම හරි සෙනසුරාදා උදේට යන සෙනග පිරිච්ච බස් එක්ක එල්ලිලා නුවරට ආවා .
භවන්තයා හිටගන ඉන්නවා පැණිදෙනිය බස් හෝල්ට් එකේ . මූ ඉතිං 7ට එනවා කිව්වොත් 7ටම එනවා . කියලා වැඩක් නැ ආය ඉතිං අමු ගවයා ඇ .
" උබනම් හැදෙන් නැ මෙවන් . බලපන් හතයිහතලිහයි . මේ ට්‍රැෆික් එකේ යද්දි අදත් පරක්කු වෙනවා ."
" ඉතිං උබ ඇයි වෙලාවට ආවේ . පරක්කු වෙලා ~ ඔහොම හිටපං ඔහො----ම හිටපං . උබ ඇඩුවද ? "
භවන්තයා දිහා බලන් කියෙව්වට මොකද ටික්කින් තමා මට මීටර් වුනෙ මේකාගෙ ඇස් ඉදිමිලා නහයෙ ඉදන් රතු වෙලා . විනාඩි හතලිහ ඇතුලෙ උන දෙයක්ද ...නැත්නම් අම්මා එක්ක රණ්ඩුවක්ද
" න්~නැ නැ බන් අවුලක් නැ . යමං තවත් හිටියොත් අටයි කාලටවත් ක්ලාස් එකේ ඉන්න වෙන් නැ "
" දැන් උබට මට කියන්න බැරිද භවන්ත "
ඒකනම් මං සීරියස්මයි ඇහුව්වෙ . සාමන්‍යෙන් මං භවන්තයා අඩනවා දැකලා තියෙන්නෙ හරියටම එක පාරයි . ඒ මුගෙ ගෙදර අම්මයි තාත්තයි පොඩි වලියක් ගිහින් . ඒ දවස් වල අපි හෙන පොඩි නෙ ඉතිං . මූ කාගන ඉදලා ඉදලා බැරිම තැන ඉස්කෝලේදි මට කතාව කියද්දි ඇස් වලින් කදුලු ඉබේම ආවා .
සීරියස් ප්‍රශ්නයක් වගේ . මේකා ඔක්කොම හිතේ තියන් ඉන්නවනෙ රෙද්ද .කියන් නැ මෙලො මලදානයක් .අපි එපැයි මානසික වෛද්‍ය වරු වගේ ඔක්කොම තේරුම් ගන්න . කරන්නෙත් කොමස් . ඔය කෙහෙම්මල් ආගිව්‍ය අයියලටනම් සෙට් .
" එහෙම මොකුත් නැ බන් . ඊයේ රෑ පාඩම් කරා ඒ නිසා වෙන්න ඇති . "
" හැබැයි භවන්ත උබ මට නොකියා වුන දේ මං හොයාගත්තොත් උබෙයි මගෙයි යාලුකම ඉවරයි . දැන් යමං "
" මෙවන් "
" මොකද "
"නැ නැ . යමං . ක්ලාස් ඉවර වෙලා මාලිගාවට යමුද ? "
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...