මං ඇස් අරිද්දි හිටියෙ ලා නිල් පාට කර්ට්න් එක්කින් වටකරපු ඇදක් වුඩ . කොහෙද මං මේ . මොකක්ද මට වුනේ . ආයමත් ඔලුව රිදෙන්න අරන් . මේක හරි අමාරුයි මට .
"සිත්රූ "
මං හිටිය ඇදට එහාපැත්තෙ තිබ්බ පුටුවක හිටියෙ ආගිව්‍ය අයියා . භවන්තයි සනේශ් අයියයි ඔශාන් අයියයි කොහෙද .
"කොහෙද මං මේ"
"හොස්පිට්ල් එකේ ඉන්නෙ . ඔහොම ටිකක් ඉන්න . මං ඩොක්ටර්ව එක්කන් එන්නම්"
අහ් ඔලුව රිදෙන්නෙ නිකන් පොලු දහයකින් එක වර ඔලුවටම තඩිබෑවා වගේ. මොකක්ද මට වුනෙ මට මතක මං ආගිව්‍ය අයියා එක්ක සින්දුවක් කිව්වා ... ඊටපස්සෙ ආආආආහ්හ්
මං නැගිටින්න හදලත් ආයම සුදුපාට පුලුන් කොට්ටෙන් ඔලුව තියාගත්තෙ මගෙ ඔලුව කැක්කුම වැඩි වෙද්දි . මට මෙහෙම කිහිපවතාවක්ම වෙලා තියනවා මතකයි . ඒත් කොච්චර ඔලුව රිදුනත් පැනඩෝල් හතරක් කටට දාන් වතුර බීලා නින්දා ගත්තාම ආයම ඒ කැක්කුම ටිකෙන් ටික අඩු වෙලා යනවා .
පැනඩෝල් වල සැරටද මන්දා එහෙම්ම වැටෙන තැනක ඇස් දෙක පියා ගත්තාම නින්ද යන්නෙ මැරුනා වගේ . මොකද මම අම්මම්මට කියන්න ඇයි... ඊටපස්සෙ ඒ මනුස්සයා බය වෙන විදිහට එයාට තියන ලෙඩත් වැඩි වෙනවා.
"පුතේ දැන් ඔයාට කොහොමද දැනෙන්නෙ"
සුදුපාට ලෝගුවක් දාගත්ත ඩොක්ටර් කෙනෙක් ආගිව්‍ය අයියා එක්ක ඇවිත් ඇහුව්වා . කොහොමද දැනෙන්නෙ කොහොමද දැනෙන්නෙ නෙවෙයි මට තෝව හව්ව් ගාලා කන්න හිතෙනවා .ඇයි හු**ත මගෙ ඔලුව දෙකට පැලෙන්න වගේ ඒ අස්සෙ මේ ඩොකා අහනවා කොහොමද දැනෙන්නෙ කියලා .
"ම්~මගෙ ඔලු~ව "
" මීට කලින් පුතාට මෙහෙම වෙලා තියනවද"
"හ්ම්"
"Ok . Mr.ආගිව්‍ය මේ ටැබ්ලට්ස් ටික දැනට හොස්පිට්ල් එකේ නැ . ෆාමසි එකෙන් අරගන්න . පැය හයෙන් හයට දෙන්න ... and අපි චෙකප්ස් ටික නෙක්ස්ට් ඩෙ කරනවා"
මේ මොන මගුලක්ද කිව්වෙ . මට ගෙදර යන්න දීපම්ම්ම්ම්. මොන චෙක් අප්ස්ද . යකෝ පොඩි ඔලුවෙ කැක්කුමක් තියෙන්නෙ . බෙහෙත් නැති ඉස්පිරිතාලෙක මේ සිත්රූ ට ඉන්න බෑ අම්මම්මෙහ් ....
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...