chpter 28

276 46 55
                                    

" මේ අයියෙ මං හාවෙක් වුනාට තවුසෙ ඌරෙක් වගේ . අහකට යනවා . ගොං හරකා "

මං ඒ යකාවත් තල්ලු කරන් ආගිව්‍ය අයියව හොයන් ආවා . එයා චේන්ජින් රූම් එකේ එහා පැත්තෙ බැල්කනි එකට ගිහින් .

"අයියෙ "

" සිත්රූ මං ..මෙ ..එන්න හැදුවේ "

මං ආගිව්‍ය අයියාගෙ අත උඩින් මගෙ අතක් තියලා ඒ අත පිරිමදින්න ගත්තා . එයා ගොඩක් කලබලයි .

" මට කියන්න බැරි දේවල් මං ඔයාගෙන්  කවදාවත් අහන් නැ අයියෙ . ඒත් ... පිවිතුරු අයියත් එක්ක කතා ක..."

" දන්න දෙයක් කියවපං සිත්රූ .ඔය මනුස්සයා නිසා තමා හැමදේම . අක්කි මායි දෙන්නම ඒ හිරකූඩූවෙ තාමත් තාමත් විදවනවා සිත්රූ .ඒ වුනාට එයා . එයා ගොඩක් සෙල්ෆිශ් "

මං කවදාවත් දැකලා තිබුන් නැ ආගිව්‍ය අයියට මෙච්චර කේන්ති යනවා . සාමාන්‍යයෙන් එයාට කේන්ති ගියාම ඒක කොහොම හරි ආගිව්‍ය අයියම නිවා ගන්නවා . එහෙම බැරිම වුනොත් කේන්ති ගියපු තැනකවත් එයා ඉන් නැ . අදත් එහෙමද ?

" ඇයි ඔයා පිවිතුරු අයියට....

"පිවිතුරු සයුර විශ්වාධිසිංහ කියන්නෙ මගෙ ලොකු අයියා . එයා එයාගෙ A/L ඉවර වුන ගමන්ම අක්කිවයි මාවයි දාලා පවුලෙන්ම ඈත් වුනා . එතකොට අක්කි ..මම එයාට අපිව දාලා යන්න එපා කියලා වැන්දෙ නැති ටික විතරයි . ඒ කාලේ මමත් අට වසරෙ මට තේරුමකුත් නැ . මං අයියව ඉල්ලන් නැතුව නින්දා ගත්ත දවසක් නැ සිත්රූ . අප්පච්චි ඒත් එක්කම අම්මවත් අරන් ඉතාලි ගියා . පස්සෙ අම්මා කිව්වා අම්මා ඉතාලි වල නෙවෙයි ඔස්ට්‍රේලියා වල එයාගෙ DR එක කම්ප්ලීට් කරනවා කියලා ... අක්කි මායි අවුරුදු ගානක් තනියම සිත්රූ ... ඒ මිනිහට තිබ්බා අපි දෙන්නව එහෙම තනි නොකරන්න .... අම්මා අප්පච්චි අයියා තුන්දෙනාම කරේ මාවයි අක්කිවයි තනි කරපු එක .. ඉතිං ඇයි සිත්රූ "

" සමාවෙන්න චෑම්ප් . "

" අයියෙ..."

මාවත් එක පාරට ගැස්සිලා ගියේ ඩූර් එක ලගින් මතු වෙලා හිටිය අර නිවිච්ච රූපේ දැකලා .

" තමුන් මෙතනින් යනවා අයියෙ ."

" චෑම්ප් මං කිය්~"

අධිමාත්‍රාWhere stories live. Discover now