Chapter 12

696 67 18
                                    

උදෑසන පාට පාට මල් පිපිලා සමනල්ලු පාට පාටින් පියාඹනවා යැයි යැයි නෙවෙයි වහිනවා යකෝ . පාන්දර එකහමාරෙ ඉදන් වහිනවා . නුවර ලස්සන වැස්සටලු ....කියලා කියපු එකාගෙ හොක්කට දෙකක් දීලා එන්න හිතෙනවා .

ඉස්කෝලේ නොයා ඉන්නත් බැනෙ ඉස්සර වගේ . ඇයි ඉතිං සුදු මහත්තයට ලා නිල් පාටයි රත්තරං පාටයි බැජ් එකක් තියෙනෙ . මං මේ බෑග් චෙක් කරනවා . සමහර වුන්ගෙ බෑග් වල එක පොතයි නිල් පාට පෑනයි . හත වසර අට වසර මල්ලිලාගෙ පැන්සල් පෙට්ටි කවකටු පෙට්ටි අරන් එකට කරලා සෙලෝටේප් ගහලා අලවලා අර පාට පාට බස් කරන් . මෙව්වා විවෘත්ත කල්ලා බලන්නත් බයයි යකෝ . මොන සත්තු සර්පයෝ ඉන්නවද දන් නැ .

" eww පොඩි එකෝ "

" සොරි අයියෙ බෑග් එක අස් කරන්න බැරි වුනා"

" යකෝ මේ කාපු චුයින්ගම් නේද "

" ඔව් අයියෙ "

" ඊයා යකෝ මගෙ අතෙත් එක්ක "

" සොරි අයියෙ හෙට අස් කරන් එන්නම් "

ඇඩෙන්නත් වගේ මටනම් දැන් . සැක් . කාපු ටොෆී කොලයි . විහික්කරන්න අමතක වුන චුයින්ගමුයි .

" කො ඊලග එන්න "

" good morning අයියෙ"

" good morning . ඇයි බන් මේ ලන්ච් බොක්ස් දෙකක් ?"

"ඇ දෙකක් තියනවද"

"මේ තියෙන්නෙ "

"අනේ අයියෙ ඊයේ කෑම පෙට්ටිය හෝදන්න අමතක වුනා . අම්මා අලුත් එකක් මේස වුඩ තිබ්බා . මං ඉතිං ඒකත් ඔබන් ආවා . බෑග් එක අස් කරේ නැ ඉතිං. මට අමතක වුනා ඊයේ කාපු එක තාම බෑග් එකේ කියලා  "

මට බෑග් එකේ ඉතුරු පොකට්ස් ගැන හිතා ගන්න පුලුවන් වුන නිසා මං ඒ ටික එහෙම්ම තියලා ඒ මල්ලිට යන්න කිව්වා . ඔව් මට තේරෙනවා ආගිව්‍ය අයියලාට අපි මීට වැඩිය ගරු කරන්න ඕනේ කියලා . පව් මගෙ අයියලා . ම්හ්ක් .

මගෙ ප්‍රතම ප්‍රේමය මට බූට් එක තියලා අඹ ගහ අස්සෙ දෙවන ප්‍රේමය එක්ක පෙම් බස් දොඩනවා කියලා හිතුවට එහෙම නැ . උටත් වැඩ වැඩි වෙලා . මේ මාසෙ අන්තිමට හවුස් මීට් එක . ධමයන්ත සර්ව හම්බෙන්න යනවා කියලා ගියා ගියාමයි භවන්තයා නැ .

අධිමාත්‍රාWhere stories live. Discover now