Chapter 25

974 65 27
                                    

ග්‍රව්න්ඩ් එක අයිනෙන් ශෝටකුත් රගර් බෝලෙත් අතේ තියන් මං ලගට එන ආගිව්‍ය අයියා දිහා ග්‍රව්න්ඩ් එකේ පිටිපස්සට වෙන්න  තියන බෙන්ච් එකේ ඉදන් හැමදාම වගේ මං බලාගන හිටියා .ලොකු අප්පච්චිලා නිසා ගෙදර මග ඇරලා ඉන්න මං හැමදාම දැන් ගෙදර යන්නෙ හය හමාරේ බස් එකේ .

" ආ මෙන්න "

මං මගෙ කලු පාට වතුර බෝතලේ දික් කරේ අපේ හෙඩාගෙ ඇගේ දාඩිය බේරෙන නිසා . මහන්සි ඇති බෝලේකට මරාගන .

" ඇත්තට අයියෙ ඇයි උබලා ඔය එක බෝලේකට මරාගන්නෙ . එක එක්කෙනාට එක බෝලේ ගානේ දුන්නනම් හරිනෙ වන වන ඉන්න කියලා "

" මේක බෑග් එකට දාගන්න . යමුද අපි "

ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් මේ යකා මං කියන එව්වා ගනන් ගන් නැ . ප්ෆ්ෆ් අපි සැලෙනවද ඔව්වට .

" දැන් මැච් එක අනිද්දා නේද "

" ම්ම්ම් ඔව්ව් ..ඔයා එනවා නේද "

" මම නැතුව කොහොමද සුදාත්තිහ් "

" ඕක නවත්තගනිං සිත්රූ "

" ඉතිං ඔයා මගෙ සුදාත්තිහ් නෙවෙයිද ඒයිහ් "

" නැ "

" එහෙනම් වෙන එක්කෙනෙක් හොයා ගන්නෝන .. සනේශ් අයියා වගේ කොහොමද ඒයි "

" කකුල් කඩනවා "

මං හිනා වෙලා ආගිව්‍ය අයියට මගෙ බෑග් එකත් දීලා ස්කූල් යුනිෆෝම් එකේ ඉස්සරහ සාක්කු දෙකට අතත් දාගන චේන්ජින්ග් රූම් එකට ආවා .

"ඔයා එනවද ? "

"කොහෙද ? "

"චේන්ජ් කරන්න "

"මගෙ මොනවා චේන්ජ් කරන්නද අ~ය්බ්ව්න්"

ආගිව්‍ය අයියා අතේ තිබුන බෑග් ටික බිමට අතෑරලා මගෙ ඉනෙන් ඇදලා එයා ලගට ගත්තා . මං ගිහින් කෙලින්ම වැදුනෙ ආගිව්‍ය අයියගෙ පපුවෙ .

අ~යියෙ~

ආගිව්‍ය අයියා චේන්ජින් රූම් එකේ ඩූර් එක අතින් තල්ලු කරලා මං දිහා බලාගනම දොර ලොක් කරා .

" ශ්ශ්ශ්ශ්ශ්ශ් ~ "

ආගිව්‍ය අයියා මාව බිත්තියට හේත්තු කරලා මට ලං වුනේ අපි දෙන්නා අතරින් හුලගකටවත් යන්න ඉඩක් නැති වෙන්න . එක පාරට වුන දේ මට හිතා ගන්නත් බැ . දැන් හය හමාර පහු වෙලා. සනේශ් අයියලා ඔශාන් අයියලා රුසිරුලා ඔක්කොම චේන්ජ් කරන්නෙත් නැතුව ගියෙ හැමදාම යන කැෆේ එකට
හැමදාම නුවරට හවස් වෙනක්ට වහින නිසා අහස කලු කරලා පිනිපොදත් වැටෙනවා .

අධිමාත්‍රාWhere stories live. Discover now