Chapter 15

705 69 36
                                    

උදේ පහයි වෙලාව . නැ යකෝ මං ගෙදර නෙවෙයි ඉන්නෙ . ග්‍රව්න්ඩ් එකේ . ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් කේන්ති අනේ . අද මගෙ දහඅට වන ඡන්ම දිනේ සුබ මොහොතින් යෙදිලා තියෙන්නෙ . ඒ කියන්නෙ දෙදාස් විසිහතරේ ජූලී විසිහය සුදුමහත්තයා මේ ලෝකේ එළිය දැක්කා . මොන එළියක්ද ~ අඩන් ඤැහ් කියලා ඩොකා මගේ පස්ස රත් වෙන්න දෙකක් දුන්නද දන්නෙත් නැ . නැ එක්කො අඩපන් පුතේ කියලා ගහන්න ඇති . මොක වුනත් වැඩක්ද . නැ නෙ නැ නෙ . කොහොම හරි ඩොකා මට ගැහුව්ව එකනෙ උනේ . සිකේඒඒඒ වෙන ගැහිලිත් ඒ අස්සෙ මොලේට ප්‍රොසෙස් වෙනවා . සිත්රූ ගෙ සිත කිලිටි වෙලා අම්මම්මෙහ්

සීතලයි දෙයියෝ මේ ග්‍රව්න්ඩ් එක . අව්වට එන රස්නෙ වගේම උදේට එන පිනිපොදත් එක්ක එන සීතලත් දෙකම එක වගේ . මං ස්කූල් ජර්සි එක දාගන ජර්සියෙ තිබුන කැප් එකත් දාන් හිටියෙ . පොඩ්ඩක් කොට වුනාට මොකද මං සුදුයිනෙ .ඒ නිසා මං ලස්සනයි . හහ් ~

"මෙවන් අයියෙ ලන්ච් එකේ බජට් මදිනෙ . ටීචර්ස්ලගෙ කෑම වලට පොඩ්ඩක් වැඩියෙන් වියදම් වෙනවා අපිට . ඉස්කෝලෙන් මේ සැරෙ ලොකු ගානක්~ "

" හරි හරි යකෝ . මං බලන්නම් . ඕකෙන් අපි මොනව හරි අඩු කරමු . "

" එහෙම අඩු කරන්න බැ බන් . අනිත් හවුස් ඔක්කොමත් මෙහෙම තමා ලන්ච් එක හදලා තියෙන්නෙ . මේ බජට් එකෙන්ම . ලියොන්ස්ලාගෙ ගොඩක් අය තාම T කාර්ඩ් එක අරන් නැ . ඒක තමා මේ ප්‍රශ්නෙට මුල .අපිට අතින් දාන්න වෙන සීන් එකක් යන්නෙ මෙවන් "

රුසිරුවා මගෙ කරටත් අත දාගන කියවන් ගියා . ඇත්ත මේ කාලේ හැමෝටම අමාරුයි . සමහර ළමයි බෝඩිම් ෆී එකේ ඉදන් බලාගන්න ඕනේ . අපිට බල කරලා ඉල්ලන්නත් බැ . කෑම එක අවුලක් නැ . මොනවා හරි කරගන්න පුලුවන් . ඒත් හවුස් එකේ අනිත් වැඩ වලටත් ඕකේන් ගානක් වෙන් වෙන්නනෙ බජට් එක හැදුවෙ .

හැරිපොටර් තීම් එකට මේ සැරේ හවුස් හතරම ඩෙකරේට් කරන නිසා ඒකේ රාජාලියව හදන්නම අපිට හෙන කොස්ට් එකක් යනවා . ඔන්න ග්‍රිෆින්ඩොර්ගෙ සිංහයා වගේ අහුවුනානම් පොල් කොහු ටිකක්වත් දාලා ගේම්ක් ගහනවා... මේඇත්තමයි ...

අධිමාත්‍රාWhere stories live. Discover now