" උබ කාටද එතකොට වෝට් කරන්නෙ මෙවන් "
" දන් නැ බන් කාට දෙන්නද කියලා මට හිතා ගන්න බැ . මගෙ හිතට අල්ලන එකෙක්වත් නැ නෙ . "
" මං අනුරට දෙන්නම් . උබ රනිල්ට දීපම් . රුසිරුවාට කියමු ස~... ඉව්ව්ව් ඔය පොල් ගෙම්බට දෙන්න ඕනේ නැ බන් . "
" මං වෝට් කරන්න ගියත් යන්නෙ සජිත්ගෙන් රට බේරගන්න ඕනෙ නිසා බන් . උබ මගුලක් කතා කරනවනෙ ඉතිං ."
" සිරාවටම අරූ ආවොත් මං රට පයිනවා මෙවන් . බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා වට යනවා ඔශාන් අයියත් එක්කම . සත්තයි කියන්නෙ ඇ "
අපි චන්දෙ දෙන්නෙ මොකාටද කියලා ඇදට වෙලා කතා කර කර හිටියා . අනූශා නැන්දා බීම එකක් ගෙනත් දුන්නට පස්සෙ පාඩම් කරනවා වෙනුවට අපි දෙන්නා බීම එක බිබි පොඩි කඩයක් දැම්මා .
" ඒක නෙවෙයි මෙවන් ... දැන් අම්මම්මා කොහොමද "
"හරියකට කතා කරේ නැ බන් . මාත් හවස ගෙදර යන්නෙ . ගිහින් පාඩම් කරලා නින්දා ගන්නවා . "
" ඔව් ඉතිං උබ හැමදාම ආගිව්‍ය අයියට ප්‍රැක්ටිස් ඉවර වෙනකම් ග්‍රව්න්ඩ් එකට වෙලා ඉන්නවනෙ . ඒක දැන් මුලු පංතියෙම උන් අතරෙ ගිහින් . ඒ නිසා ටිකක් පරිස්සම් වෙයන් "
ඇත්ත ... ආගිව්‍ය අයියලට රග්බි මැච් පටන් ගන්න නිසා හවස ප්‍රැක්ටිස්. මටත් ගෙදර ගිහින් ලොකු අප්පච්චිලගෙ බණ අහන් ඉන්න ඕනේ නැති නිසා මං හවස ග්‍රව්න්ඩ් එකේ ඉන්නවා .නැත්නම් ලයිබ්‍රි එකට යනවා .
ආගිව්‍ය අයියත් මේ දවස් වල ගොඩක් මහන්සි වෙනවා . පාන්දර ප්‍රැක්ටිස් ගිහින් ආයම ස්කූල් එකේ ඩියුටිස් බලනවා .ප්‍රිෆෙක්ට්ලාගෙ ඩියුටි බුක් මාර්ක් කරලා ප්‍රින්සිපල් ඔෆිස් එකේ ඩියුටි යනවා . ප්‍රින්සිපල් ලගට වෙනකම් යන්න ඕනේ නැති ප්‍රශ්න මැඩම්ලා එක්ක කතා කරලා එතනින්ම ක්ලෝස් කරලා ආය පංතියට ගිහින් පීරියඩ් අට වැඩ කරනවා . ඒ කරලා හවස ඩියුටි බලලා ආය ප්‍රැක්ටිස් ගිහිල්ලා A/L නයිට් ක්ලාස් යනවා .
ඒ ඔක්කොමත් අස්සෙ මං ගැනත් හොයලා බලනවා . සිත්රූ කෑවද සිත්රූ ඉස්කෝලේ එනවද ක්ලාස් ඉවරනම් ඉන්න පික් කරන්න එන්නම් ...කොහොමද හිත හදන් ඒ මනුස්සයට කරදර කරන්නෙ . මං කැමති නැ එහෙම වෙන්න . මං දන්නවා ආදරෙයි නොකිව්වට සමහර දේවල් තියනවා ආය හැරිලා බලලා හරිගස්සන්න බැරි ... ඒ මනුස්සයට මං ආදරේ කරන්න අරන් තියෙන්නෙ මටත් නොදැනිමයි .
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...