ආගිව්‍ය අයියා පික්මී එකක් දාන් බඩගිනි කිව්වට පස්සෙ මාව එක්කන් ගියෙ ජාවා එකට . සහෝදර ප්‍රේමය . බඩගිනිද කියලත් ඇහුව්වා . ඇත්තටම මම මේ ආතල් එකේ හිටියට මගෙ හිතට හරි බරයි .
අම්මම්මා භවන්තයා ඇරෙන්න මං ගැන මෙහෙම කවුරුත් හොයලා බලලා නැ . උදේ ඉදන් කාලා හිටියෙත් නැ . ක්ලාස් එකට යන්නත් පරක්කු වුන නිසා කිරි එක බීලා මාත් දුවගන ආවානෙ . ආගිව්‍ය අයියලාට බයෝ එකේ හවස පේපර් එකක්ලු තිබ්බෙ . ඔශාන් අයියගෙ හැසිරීමත් එක්ක එයාලට ආයම හැරිලා ක්ලාස් එකට යන්න බැරිලු . මාත් ඉතිං කොච්චර අනම් මනම් කිව්වත් ආගිව්‍ය අයියගෙයි සනේශ් ඔශාන් අයියලගෙ යාලුකම ගොඩක් පරන බොක්කෙ ෆිට් එකක් . ඒක අපෙ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් පවා දන්නවා . ඒ යාලුකම සිරාවටම පර්ෆෙක්ට් .
ඇත්තටම යාලුවෙක්ට එහෙම දෙයක් වුනාම උගෙ හිත රිදෙන තැන් වලදි අපි උදව් කරන්න ඕනේ . මොකද තමන්ගෙ හයියට එකෙක් ඉන්නවා කියලා දැනෙන එක ... එතකොට අපේ හිතේ විශ්වාසෙ තව වැඩි වෙනවා . මටනම් ඉතිං මගෙ දෝනී ඉන්නවනෙ . ඔව් ඔව් භවන්තයා තමා . ඌ පට්ට පොරක් . මං මේ පම්පෝරි ගහනවා නෙවෙයි . භවන්තයා කියන කැරැක්ටර් එක ඇතුලෙත් දුක සතුට බය ආදරේ හැමදේම තිබුනා . ඌ මාව වුනත් බලාගත්තා . මං වැටුන තැන් අනන්තයි . අවුරුදු 18 පිරිමි ළමයෙක් විදිහට මුහුන දෙන්න ඕනේ නැති ඒවාට පවා මං මුහුන දීලා තියනවා . ඉතිං ඒ හැමතැනකම අරූ මගෙ හයියට හිටියා .
ඇත්තටම මගෙන් ගොඩක් කෙල්ලො කොල්ලො ආස්කවුට් කරලා තියනවා . මේ ඉතිං විසි එක්වන හරි විසිදෙවන හරි මොකක් හරි සියවසක්ලුනෙ බං . ඒ නිසා ඉතිං ඔව්වා නෝර්මල් . හෑයියා අනේ කෙල්ලො එහෙම ආස්කවුට් කරනවද ? ඉව්ව් ඉව්ව් කොල්ලො කොල්ලො එක්කම එහෙම වෙනවද යැයි යැයි කතා ඉතිං අතරින් පතර තියනවා . අතරින් පතර ඇහෙනවා . සමහර වුන්ට ඔව්වා මැජික් වගේනේ . ඒ වුනාට සිරාවටම මට කොල්ලෙක් කෙල්ලෙක් බල්ලෙක් මොකෙක්වත් ඉදියෙ නැ .
ඇයි ඩෝ මට තියන ප්‍රශ්න කන්දරාවත් එක්ක ඔව්වා නඩත්තු කරන්න පුලුවන් ඇයි . කෙල්ලෙක් දා ගත්තොත් ඒ කෙල්ලව මීට් වෙන්න යන්නයි චොක්ලට් අරන් දෙන්නයි ඒකිට තරහ යනකොට බැනුම් අහන්නයි යාලුවො එක්ක සෙට් වුනොත් ඒ කෙල්ලහෙ ගෑස් බලන්නයි ~ ප්ෆ්ෆ් සිත්රූ අහුවෙයි ඔව්වට .
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...