" අපේ ගෙදර යමු . මං අම්මම්මට කිව්වා "
"ආ හා ...ඇ නැ .. මොකාආආආආආආආක්ක්ක්ක්ක් "
"කෑ ගහන්න එපා බන් . කවුරු හරි හිතයි මං උබට අතවර කරනවා කියලා "
"ඒත් අයියෙ අම්මම්මා තනියම නෙ"
"නැ තනියම නෙවෙයි "
"ඒත් අපිට කවුරු.."
"රට ඉදන් කවුදෝ ඇන්ටි කෙනෙකුයි තව කොල්ලෙකුයි අන්කල් කෙනෙකුයි හිටියා . ඔයාගෙ ලොකු අප්පච්චි කිව්වා "
"ල්~ලොකු අප්ප~ච්චි කියන්නෙ කවුද "
මගෙ කටට පවා ඒ වචනෙ නුහුරුයි. එතකොට කවුද මේ මම නොදන්න ලොකු අප්පච්චි.
"අයියෙ ෆෝන් එක ටිකක් දෙනවද "
ආගිව්‍ය අයියා දෙපාරක් නොහිතා මගෙ අතට ෆෝන් එක දුන්නා . මම ඊටපස්සෙ නම්බර් එක ඩයල් කරලා අම්මම්මට කෝල් කරා . හරි හරි යකෝ සල්ලි නැ මගෙ එකේ . ඒකේ තියෙන්නෙ මාසෙටම දාගන්න ඩේටා පැකේජ් එක විතරයි . අම්මම්මා ඉතිං ඔන්ලයින් කියලා එක්ක නැ නෙ . එයාගෙ ෆෝන් එක මං ලග . අර සුට්ටං ගඩොල් බාගේ එයා ලග . ආ නැ ගඩොල් කාල
"අම්මම්මෙ .. මං සුදුමහත්තයා.. කවුද ලොකුඅප්පච්චි කියන්නෙ.. "
"සුදු මහත්තයා ඒ ඔයාගේ අම්මගෙ අයියා ... "
"ඒ~ඒත් "
"ආගිව්‍ය පුතාලා ගෙදර යන්නකො . හෙට කතා කරමු "
"ම්ම්ම් බුදු සරණයි අම්මම්මෙ"
"බුදුසරණයි "
මම කෝල් එකක් ගත්තට වැඩක් වුනේ නැ . අම්මම්මා අකමැත්තෙන් වගේ උත්තර දුන්න නිසා මම වැඩිය දේවල් අහන්න ගියෙත් නැ . එහෙම අහපුවම අනිත් කෙනාට අපහසුවක් දැනෙනවා . මං ඒක ඕනවටත් වඩා අත්විදලා තියනවා .
"දැන් යමුද . "
මං ආගිව්‍ය අයියට හිනා වෙලා බයික් එකට නැග්ගා . මහ රෑ වෙන්ඩ මනුස්සයගෙ ගෙදර යන එක හරිද මං අහන්නෙ . ඒ වුනාට මේ මං කරන්නෙ . මගුලෙ සංස්කෘතිය . කොලේ අත්සන් කරාම ඔක්කොම කරන්න හොදයි . කොලේ අත්සන් කරන්න කලින් මොකුත් කරන්න හොද නැ . ඇයි යකෝ කොලේ ලිව්වම වෙනම වරම් පහල වෙනවද . හිටාම්කො මං බෝයිෆ්‍රෙන්ඩ් උන ගමන් කරන්නෙ මේ යකත් එක්ක කෙහෙල් මල් කඩන්න යන එක .
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...