Chpter 26

532 67 64
                                    

" මෙවන් හෙමීට පලයං මිනිහෝ "

භවන්තයගෙ ඇගට බෑග් එකත් විහික් කරලා පඩිපෙලත් බැහැගන මම දිව්වෙ සික් රූම් එකට . හුත්ත මොකාද මන්දා මෙච්චර පඩිපෙල් හැදුවෙ . හදිස්සියක් වුනාම එව්වත් පැටලෙනවානෙ .

" අයියෙ~"

මං දුවගන ගිහින් සික් රූම් එකේ දොර අරිනකොට දැක්කෙ ආගිව්‍ය අයියා අතකුත් එල්ලගන වේදනාව කාගන ඉන්නවා . අඩන්න බැරි කමට සනේශ් අයියයි ඔශාන් අයියයි එක්ක හිනා වෙනවද කොහෙද . මං ආවාම පුදුමෙන් වගේ බලන් හිටිය ඇස් එක පාරටම වේදනාවෙන් බර වෙලා ගියා .

" අහ් මල්ලි . එන්න ඇතුලට . මූට වෙන පෙත්තක් දෙන්න වෙනවා මල්ලි තව ටිකක් පරක්කු වුනොත් "

ඔශාන් අයියා එහෙම කියාගන හිනාවෙලා ආගිව්‍ය අයියගෙ මූණ දිහා බැලුවෙ ආගිව්‍ය අයියා එහෙම හරි හිනාවෙයිද බලන්නද කොහෙද . හැබැයි සාමාන්‍ය දවසටවත් ලේසියකට හිනා වෙන් නැති ආගිව්‍ය අයියා මේ වගේ වෙලාවක් .....? කොහොමත් නැ .

" මොකද වුනේ "

මං ඇද ගාව ආගිව්‍ය අයියා ලගට ගිහින් ආගිව්‍ය අයියගෙ කොණ්ඩෙ අත ගාන ගමන් ඇහුව්වා . පව් . ගොඩක් ආසාවෙන් හිටියෙ මැච් එක ප්ලේ කරන්න .

" *** උන් බෝලේ යැව්ව පාර ආගිව්‍ය ගෙ කකුලෙ වැදුනේ  . මහ කැ%$ හු%## ඉන්නෙ ඕකේ . හිටපංකො ඕකුන්ට හෙට රිටන් එක දෙන්න "

ආගිව්‍ය අයියගෙන් ප්‍රශ්නෙ ඇහුව්වට කේන්තියට දාඩියත් දාලා හිටිය සනේශ් අයියා කිව්වෙ ආගිව්‍ය අයියටත් බනින්න වගේ ඇගිල්ල දික් කරලා

" කෝ ගොඩක් රිදෙනවද "

" න්~නැ "

"නැත්තෙ නැ .ඔය බෝලේ වැදුනොත් සතියක් යනකම් නැගිටගන්නත් අමාරුයි යකෝ . උබ කැපා නිසා උබවම ඒර්ම් කරා ඒ පො*& හැතිකරේ ... "

සනේශ් අයියා එතන තිබ්බ පුටුවටත් පයින් එකක් ගහලා දොරත් ඇරගන එලියට ගියා . සනේශ් අයියට අවුල් ඇති . හැම එකම විහිලුවට ගත්තට සනේශ් අයියා ඉවන්‍යා අක්කිටත් වැඩිය ඔශාන් අයියටයි ආගිව්‍ය අයියටයි ආදරෙයි .

" මල්ලි මං අරූව බලලා එන්නම්.."

ඔශාන් අයියත් සනේශ් අයියා පස්සෙන් යද්දි මායි ආගිව්‍ය අයියයි විතරක් සික් රූම් එක ඇතුලෙ තනි වුනා . ටිකක් වෙලා ආගිව්‍ය අයියගෙ ඔලුව අතගගා හිටියට මොකද මට ඇත්තටම දුකයි .

අධිමාත්‍රාWhere stories live. Discover now