මං ආගිව්ය අයියව පැත්තකින් තියලා මග් එක සෝදලා ගත්තා . කොයි දැන් කිරි පිටි බෝතලෙ . මං හතරවටේ ඇස් කරකරා කිරි පිටි එක හෙව්වා . එතන උස වැඩි නේ . යකෝ හෙන ගහන්න එපැයි . අපි වගේ කොට ජීවිත මේ ලෝකේ ජීවත් වෙනවා කියලා මේවා ඩිසයිග්න් කරන මිනිස්සු දැන ගන්න ඕනේ .
හැබැයි ඉතිං එහෙමයි කියලා අපි සැලෙනවද . නැ නෙ නැ නෙ නැ නෙ .
" මට අර කිරිපිටි එක අරන් දෙන්නකො "
ආගිව්ය අයියා කට කොනින් හිනා වෙලා කිරි පිටි එකයි සීනි එකයි අරන් දුන්නා . එහෙමයි කියලා මේ සිත්රූ ගෙ සිත සලිත වෙනවද . නැ නෙ . මං අනිත් පැත්තට ඔරවලා කිරි පිටි එක ගත්තා .
" එක තේකකට කිරි පිටි හැදි තුනයි දාන්නෙ . ඊටපස්සෙ සීනී හැදි තුනයි . ඊටපස්සෙ මේන් මෙහෙම කහට දාලා මේන් මෙහෙම තේක හදා ගන්නවා . හරිද "
මං ආගිව්ය අයියට එකින් එක කියලා දෙන ගමන් තේක හැදුවා . මේ යකත් ඉන්නවා මං බයෝ පාඩමක් කියලා දෙනවා කියලා හිතාගන හෙනම අවදානෙන් අහන් ඉන්නවා . ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඒ අස්සෙ මේ කලිසමත් බහිනවා
මං එක අතකින් කලිසමත් අල්ලන් අනිත් අතින් මග් එක අරන් තේ උගුරක් බීලා බැලුවෙ මේක රසයිද කියලා . මොකද මං කියලා ගෙදරදි තේකක් තියා උණු වතුර ටිකක්වත් උණු කරපු මනුස්සයෙක් නෙවෙයි
ඔය තියෙන්නෙ ... අම්මම්මෙහ් සුදු මහත්තයට උයන්නත් පුලුවන් දැන් ." කෝ දෙන්න බලන්න "
ආගිව්ය අයියා මගෙ අතේ තිබ්බ මග් එක උදුරන් කිරි එක බිව්වා .
"Wow සිත්රූ . It tastes great . I pray that I can drink this tea like this for the rest of my life "
" ආහ්"
මං තුශ්නිම්භූත වෙලා වගේ බලන් හිටියා . මේ මනුස්සයා ඉදලා ඉදලා කතා කරොත් මාව දියවෙන්නම කතා කරනවා . මගෙ කම්මුල් රතු වෙලාද කොහෙද . ලැජ්ජහයිනෙ අෆ්ෆා .
" යමු උඩට .බෙහෙත් බොන්න තියනවා ඔයාට "
පස්සෙ අපි දෙන්නම උඩට ගිහින් රූම් එකට ගියා . මග් එක තාම මගෙ අතේ . මේ බෙහෙත් කවදා බීලා ඉවර කරන්නද . මං ආගිව්ය අයියා අතට ගන්න ටැබ්ලට්ස් දිහා බලන් කල්පනා කරා .
YOU ARE READING
අධිමාත්රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...