Chapter 29

370 42 43
                                    

උදෑසන හිරු කිරණ පොලවට පතිත වෙලා රෝස මල් පිපිලා නෙවෙයි යකුනේ. එව්වා අර announce කරන එකාට විතරක් දැනෙන දේවල් ලු  .
අනේ පලයං ගස්ලබ්බා යන්න කියලා මයික් එකත් පොලේ ගහලා ඒකාවත් පොකුණට විහික් කරලා එන්න තරම් කේන්ති මට . ඇයි යකො

" අඩෝ මොකාද බන් අමරෙ අතට මයික් එක දුන්නෙ "

භවන්තයා ඒ අස්සෙ මැද මිදුලට වැටෙන ඉර එළිය නිසා දිඹි ගොට්ටක් කලිසම අස්සට දාලා වගෙ නලියනවා . ඉතිං කොහොමද කියපං අර පොඩි එවුන්ව හදන්නෙ .

භවන්තයයි මායි දෙන්නම අද මැද මිදුලෙ ඩියුටි . ආගිව්‍ය අයියලා මැචස් වලින් පස්සෙ ඉස්කෝලේ එන් නැ කියලා හරියටම මැච් එකට පහුවදා ඉදන් ඉස්කෝලේ ආවේ නැ .පාලුයිනෙ අනේ ...

එයාලට එක්සෑම් එකට සති දෙකක් වගේ තියෙන්නෙ . ඒ අස්සෙ නිවාඩු දෙන නිසා අපිටත් එක්සෑම් තියනවා . ක්ලාස් වලත් පේපර්ස් අනම් මනම් ගොඩයි .

" උබ නලියන් නැතුව හිටපං යකෝ . අර බලහන් පොඩි එවුනුත් හොදට අහන් ඉන්නවා "

" අව්වයිනෙ යකෝ . උබනම් සුදුයි . මං එහෙම සුදක් නැ නෙ . මං ශ්‍රී ලංකන් ගෝල්ඩන් . පේනවනෙ . කලු වුනොත් එහෙම ඔශාන් අයියලගෙ ගෙදරිනුත් කැමති වෙන් නැති වෙයි . "

උදෑසන රැස්වීම අවසානයේ කෙරෙන අධිශ්ඨානය ......

ඊටපස්සෙ අපි අර පොඩි එවුන්ගෙ ඇද කුද ටිකත් හොයලා ඉක්මන්ට පන්ති වලට ආවා . බැල්කනියෙන් ඉස්සරහ පන්ති සේරම හිස් වෙලා ගිහින් . භවන්තයටත් ඔශාන් අයියා නැතුව පාලුයිලු . උන් දෙන්නා කොහොමත් ඉස්සර ඉදන් ලව් එකේනෙ. ඒත් යකො මං .... මං ලව් එකක් කියලා පටන් ගත්තා විතරයි මනුස්සයට ඉස්කෝලෙන්ම නිවාඩු දීලා .

" හරි ළමයි බිස්නස් පොත් ටික ගන්න "

කන්නන්ගර සර් ඇවිත් බිස්නස් උගන්නන්න පොත ගන්න කියද්දි අපෙ සෙට් එකම පොත් අරන් ලෑස්ති වුනා . රුසිරුවා මට දකුණු පැත්තෙ භවන්තයා මට වම් පැත්තෙ .

රුසිරුවා ස්පෝර්ට් මීට් එකෙන් පස්සෙ හෙනටම ෆිට් වුනා . ඌත් රගර් ටීම් එකේ ඉන්නවනෙ . ඌ, මායි ආගිව්‍ය අයියා ගැනයි දන්නෙ ආගිව්‍ය අයියා මට කැමත්තෙන් ඉන්න කාලෙමලු .

අධිමාත්‍රාWhere stories live. Discover now