" කී එක දෙන්න "
" මොකක්ද "
" කී එක දෙන්න අයියෙ . ඔයාට අසනීපයි "
" ඔයාට ඩ්රයිව් කරන්න පුලුවන්ද ?"
" ඇයි ඔයා හිතුවද මං රොස කැලෙන් පැනලා ආවා සමනලයෙක් කියලා "
" අහ් "
" කෝ දෙනවා ඕක මෙහාට . "
මං ආගිව්ය අයියගෙ අතේ තිබ්බ කී එකත් අරන් බයික් එක ලගට ගියා . කිහිප වතාවක් රුසිරුවගෙ අයියගෙ බයික් එක පැද්දා . ඌ අයියගෙ බයික් එක තියන් ඉන්නෙ උගෙ බයික් එක වගේනෙ .
" සිත්රූ ~ ලයිසන් තියනවද "
" නගින්න . වෙලා යනවා ."
" ඕක දෙන්න සිත්රූ .මට පුලුවන් ගෙනියන්න "
" අනේ අම්මපා අයියෙ . ඔය කට වහගන නගිනවකො බයික් එකට .නැත්නම් මං තවුසෙව මේ වැව රවුමෙ දාලා යනවා"
ආගිව්ය අයියා නහකුනු ගගා කොහොම හරි ඇවිත් බයික් එකට නැග්ගා . අපි බයික් එකේ යන්නයි යන්නෙ ... ලයිසන් නැතුව ...
මං ඉතිං නීතීයට ලස්සනට හෙමීට බයික් එක ස්ටාර්ට් කරන් මගක් අරන් ආවා . ආගිව්ය අයියා දැන් මැරෙයි දැන් මැරෙයි වගේ මාව බදාගන ඉන්නෙ .
"හෙමීට යං සිත්රූ ... "
"ඔයාට තාම පුරුදුත් නැ නෙ .. "
"මං ගන්නද ..."
"ආයනම් බයික් එකේ එන් නැ ඔයාව මීට් වෙන්න "
"වමට වමට දාන්න .. නමන්න එපා සිත්රූ ඔච්චරයි "
" අයියෙ ටිකක් කට වහන් ඉන්නවකො මට මේක ඩ්රයිව් කරන්න දීලා "
ඊටපස්සෙ මේකා පොඩි එකා වගේ මගෙ පිටේ ඔලුව ගහගත්තා . මේ යකාගෙ ඇගේ රස්නෙ මටත් දැනෙනවා . මෙච්චර උණ ගන්නකම් කැද හැදුවද මං අහන්නෙ
" අයියෙ බෙහෙත් අරන් යමුද "
" ඕනේ නැ . ඕක අඩු වෙයි "
ඊටපස්සෙ පැයකින් වගේ අපි ආගිව්ය අයියලගෙ ගේ ලගට ආවා . ඊටපස්සෙ එයා ගිහින් ගේට් එක ඇරපු ගමන් ලියෝ බබා දුවන් ආවා ... ලස්සන වෙලාදත් මන්දා මේ කොල්ලා .
මං බයික් එක පාර්ක් කරපු ගමන් මේන් මේකා බුරාගන මං ලගට ඇවිත් මාව පෙරලගත්තා .යකෝ කෙල ගාන්න එපා බල්ලො .
YOU ARE READING
අධිමාත්රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...