009🎶

616 89 47
                                    


වසත් දා ස්වර 09 ✨

.

ලැබෙන දෙයක් කියල ඔයා හිතනව නං මම බලාපොරොත්තු තියාගන්නම්....!

පුංචි බේබි ඒක කිව්වෙ බරට හුස්මක් ගන්න ගමන්...නුවරටත් දැනුනා ඒක..මහ හඬින් හෙනයක් පුපුරල ගියෙ වැස්සක පෙර නිමිත්තක් එක්ක.වහිනව නම් වහිද්දාවෙ වැව් පොකුණු උතුරලා යන්න....ගංගාවල් පිටාර ගලන්න...ලියද්දක් ලියද්දක් ගානෙ පිරිසිදු වතුර ගලන්න...

පින් සිද්ධ වෙයි වලාහක වැහැපන් වැහි කෝඩෙ අවැසිම මිනිස්සුන්ගෙ හිත් ඉහත්තාවල් හේදිලා යන්න...

කඳුලක් ඇහැකින් හෙලන්න බය දාහක් මිනිස්සුන්ට ඇති වෙනකල් අඬන්න ... වහිනකොට පේන්නෑ අඬන මිනිස්සුන්ගෙ කඳුලු.

හැබැයි වලාහක උඹ දකී වැහි බිංදු අස්සෙනුත් ලුණු රහට හරි හරියට වාන් දමන ඇස් යන්තමින් රතු වෙන හැටි..

. පුංචි බේබි පාරදිහා බලාගෙන වාහනේ පැද්දට මම දන්නව හිත නැවතිල තියන තැනක බේබි හුස්ම ගන්නව ඇති... ආයෙත් නුවරින් ගියහම නුවරට ආයෙ එනකල් පුංචි බේබි අතරමං වෙයි..හැබැයි මං කියන්නෙ අරමුණු අස්සෙ ජීවත් වෙන මිනිස්සු අතරමං වෙන්න හොඳ නෑ.මම පුංචි බේබි දිහා බැලුව.

" පුංචි බේබී......."

" ම්ම්ම්....."

" නුවර ආයෙ එනකල් හිත අතරමං නේද..."

"ඇයී....එහෙම කියන්නෙ..."

" නෑ ඉතින්...බේබිමනෙ කිව්වෙ මෙච්චර කාලෙකට නැති ලස්සන මතකයක් නුවරදි බේබිට හම්බුනා කියල..."

" ඔව්ව්....ඉතින්.."

" ඉතින් ආයෙ ගියහම බේබි අතරමං නැද්ද..."

" නෑ....."

" ඇයි ඒ........."

" ඒ හම්බුන කෙනා මට ආයෙත් කොහෙදි හරි හමබ වෙයි මිතිල....නුවර අහස යට දැනුන ආදරේ මට ආයෙ දහස් වතාවක් මෙ මහ පොලවෙ ආයෙ හම්බ වෙයි....පිලිගන්නකල් ,හිතට කා වැදෙනකල් ඒ ආදරේ ඔහේ තියෙද්දාවෙ .. අවුරුදු කීයක්ද ඒක මට වැඩක් නෑ මිතිල...මට පුලුවන් ඒ කාලෙට තනියෙන් ආදරෙ කරන්න...පිලිගත්තදාට මදි නොකියන්න මට පුලුවන් ආදරේ දෙන්න..."

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now