011🎶

607 93 59
                                    


මූණ දිහා බලාගෙන " ලස්සනයි " කිව්ව පුංචි බේබිත් හැරුනෙ ජයනාතය අතින් වැටුන මවුත් ඕගන් ටිකෙ සද්දෙට.....හැරිල බලපු පුංචි බේබි ,

" ඔයත් මෙහෙ එන්න ජයනාත.... " ඒ පාර මෙයා ජයනාතට මියුසික් රූම් එකටම කතා කරනව.

" අ ඇයි සර්....." ජයනාතට ගොඩ ගැහෙනව.

" එන්න අපි මිතිලගෙන් සින්දුවක් අහමු...." මට නං තේරුනා පුංචි බේබි හදන්නෙ ජයනාතයව කතාවට ඇදලන් උන සිද්ධිය , ඒක එච්චර විශේශයක් කරන්න ඕනි නෑ කියල් පෙන්නන්න...මං ඇස් පිල්ලං නොගහ බලා හිටියෙ පුංචි බේබි දිහා...

" වාඩිවෙලා මියුසික් එකට සින්දුවක් කියමු බලන්න... මොකක්ද කියන සින්දුව..මම මියුසික් එක දෙන්නං......"

ඒ පාර වාඩි වෙලා සිංදු කියන්නලු...පුංචි බේබිට මේක විහිලුවක් වෙලාද....

" ස් සර්...." මට හිතුනෙ පුංචි බේබි විහිලුවක් කරනව කියල...ගොත ගගහ හිටපු මාව ගානකටවත් නොගෙන පුංචි බේබි ගිටාර් එක ගත්තෙ පුංචි බේබිගෙ උකුලට..මම බලාගෙන පුංචි බේබි ගිටාර් එකෙ බඳ දිගේ හීන් ඇඟිලි තාලෙට යවනව.

" කෝ පටන් ගමු....." පුංචි බේබි හරිබරි ගැහිලා වාඩි වෙලා කියද්දි ජයනාතයටත් දැකපු සිද්දිය අමතක වෙලාද කොහෙද පුටුවක් ඇදගෙන වාඩි උනේ සිංදුව අහන්න.

සිංදුව කියන්න අදිමදි කර කර ඉද්දි පුංචි බේබි ඇස් කොනෙන් පෙන්නුවෙ ජයනාතව...මම හිතුව හරි ඌ හින්ද තමයි සින්දුව කියන්න කිව්වෙ....

" කියපන්කො...".ජයනාතත් ඇස් බෝල කරන් මගෙ දිහා බලන් ඇහුව...මම බැලුවෙ පුංචි බේබිගෙ මූණ දිහා...

" මොකක්ද කියන සින්දුව...." පුංචි බේබි මගෙන් ඇහුව...

" කාරි නෑ "

" ම්ම් පටන් ගමු....."පුංචි බේබි කිව්වෙ ලෑස්ති වෙලා....

" 1. 2. 3. "

ලිය වුනා ඔබ ගැන කවි පෙලක් මැලවුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන්
හේතු හෙව්වේ ඔබේ රුව දැකගන්න ආශා හින්ද මං
පුන් සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now