035🎶

329 46 36
                                    

මොන මලත් පිපුනම



අවාරේ තමයි ලස්සනම.....!





කුරුවිට එරත්නෙන් කවදම හරි තනියම අවාරෙ යන්න මම ආසාවෙන් හිටියෙ..යක්ශණීගෙ ගල් ගුහාව ඇත් සොහොන මම ආසාවෙන් හිටියා අවාරෙකදි දකින්න..රත්නපුරටම වාසනාව ගේන ශ්‍රී පාදේ ඈතට පැලටම පේන කොට මම කොච්චර ආසාවෙන් බලා ඉඳල ඇත්ද .. ආයෙම යන්න... ඒ ආසාව අද එහෙම්ම මට බේබි ගෙනල්ල දුන්න...කකුල් දෙක මුලටම...

යන්තමින්වත් සීතල නොදැනෙන්න බේබි මාව ලෑස්ති කලා.. හරියටම ගිය හැම වතාවකදිම අප්පච්චි කලා වගෙ..

" වචන වරද්දන්නැතුව , කට වරද්දගන්නැතුව මෙතනින් තියන පලවෙනි අඩිය ඉඳන් සංසාරෙම මාත් එක්ක සිරිපාදෙට පය ගහන්න පතාපන් මයෙ අම්මා.... පලවෙනි පඩිය උඹලයි මායි මූනට මුණ ගැහුන තැන....හිතාගෙන නමස්කාර කරලා පය තියපන් මයෙ අම්මා අපිට පඩි දාස් ගානක් නගින්න තියනව...... "

කන්ද පාමුලම පල්වෙනි පඩියට පය ගහන්නත් කලින් හිස් මුදුනටම හාදුවක් තිව්ව බේබි මගෙ අතින් අල්ලගෙනම පලවෙනි පඩිය තිව්ව.

කන්ද පාමුලම පල්වෙනි පඩියට පය ගහන්නත් කලින් හිස් මුදුනටම හාදුවක් තිව්ව බේබි මගෙ අතින් අල්ලගෙනම පලවෙනි පඩිය තිව්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මහන්සී කියල හිතෙන හැම වෙලාවකම නගින්න බෑ කියල නොහිතා... පණ ටික ගියත් කන්ද නගිනව කියල හිතින් හිතපන් මයෙ අම්මා..

වෙහෙස දැනෙන හැම වතාවකම උඹයි මායි පහු කරපු අමාරු කාලවල් මතක් කරපන්...ලෙසි වෙයි හිත සතුටින් කරුණා කරන්න....

මම දන්නවනෙ මගෙ පැටියා හයියයි...."

පලවෙනි පඩියෙන් පඩි දාහක් උඩ නගිනකොට මම අරන් ආව බෑග් එකත් බේබි ඉල්ලුවෙ මට බර ඇති කියල හිතාගෙන වෙන්නැති...ආසාවෙන් යන්න ආව ගමන බේබිට බර දීලා බැරි හන්දම මම ඕනෑ නෑම කියල බේබි එක්ක හරි හරියට පඩි නැග්ගා...

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now