045🎶

233 35 61
                                    


හිත හදාගෙන මොන තරං තද තීරණ ගත්තත් අන්තිම දවස් හත කියන්නෙ මරන්න ඉන්න මනුස්සයෙක් දවසෙන් දවස කූඩු මාරු කරනව වගෙ දැනෙනකොට බිබී ඉඳපු කෝපි කෝප්පෙත් හිර වෙනව වගෙ දැනුන...

කැමති නැද්ද තව කාලයක් ඔය ආසම විදිහට ජීවත් වෙන්න කියල මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරනකොට ඔලුවට බම්බු ගහන්න කියල මම හිත එක්ක ඕසෙට ඇඬුව...අභ්‍යන්තරයම දැවි දැවි පිච්චෙනකොට මම බාහිරින් මොකුත් නොවුන වගෙ හිනා උනා....ඉස්සර වගෙ සිහිලැල් මාත් එක්ක හිනා නොවෙනකොට බෙහෙත් අහුරු ගින්නට දම දමා සාප කෙරුව...එක එක විශ්වාස වල ගැලි ගැලි හීන ලෝක්වල් වල රිදී නූල් වලින් ගෙත්තං කෙරුව...

" පුතේ....." මම බැලුව..තාත්තප්පා කාමරෙට ඇවිත්...තාත්තප්පා උනත් ඉඳහිට එන්නෙ කාමරෙට...ඒ ඇවිත් බලලා බෙහෙත් දීලා කන්න ලඟට දීලා හෝදන්න රෙදි ගොඩවල් උස්සන් යනකොට මට සිහිලැල්ව මතක් උනා..සිහිලැල් මම වෙනුවෙන් මොනවද නොකලෙ කියල මතක් වෙනකොට උඩ මහලෙන් බිමට පනින්න හිතුනා...

" පුතේ තව දවස් කීයද.....උඹ ගියහම මටත් පාලුයිනෙ...."

" එහෙම තමයි තාත්තප්පා අපිට කොහෙදි හරි කොතනකදිම හරි වෙන් වෙන්න වෙනවනේ..."

" ඒත් රත්තරන් නූල් වලින් බැඳුන උන් වෙන් වෙන්න හොඳ නෑ...."

" මම කැමති දිලිසෙන අමු රිදී වලට..."

" කතා කරල තේරුමක් ඇත්තෙම නෑ උඹට..කිසිම දෙයක් තේරුම් ගන්නෑ..."

" මම හිතන්නෙ මගෙ මනස තාම ලපටී..."

තාත්තප්පා පුපුරු ගගහ මගෙ මූණ දිහා බලන් ඉන්නව..මම ආසයි අව්ස්සන්න..සිහිලැල් නම් මෙලහකට පස්ස හතරට පැලෙන්න පයින් ගහලා...යන්තමින් හිනාවෙනකොට හිතට එන මතකයක් හින්ද ආයෙ කඳුලු පෑරෙනව..

" පුතේ...මිනිස්සුන්ට මතක තියනව...කිසිම දෙයක් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න මිනිස්සුන්ටත් ජීවත් වෙන්න අරමුණු තියනව..."

" ඉතින් තාත්තප්පා මටත් මතක තියනව , බලාපොරොත්තු තියනව , ජීවත් වෙන්න නැතත් මොනාම හරි දේකට අරමුණක් තියනව..."

" හැබැයි උඹ අංග සම්පූර්ණ නෑ..."

" මේ ලෝකෙ කවුරුත් අංග සම්පූර්ණ නෑ...."

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now