020🎶

503 66 75
                                    

පුංචි බේබිව ගෙට දාල දොර වහගත්ත මට දැනුනෙ පුදුමාකාර බයක්..

"පුංචි බේබි... ඇයි මෙහෙම වෙන්නෙ...." මම එහෙම්ම වාරු උනෙ පුංචි බේබිගෙ පපුවට..ලාවට උඩින් වැදුන පිච්ච මල් සුවඳ ගිහින් අවුරුදු ගානක් ඇඟට පත්තියන් වෙලා තිබුන අන්නාසි සුවඳ එලියට යන්තමට දැනුනම..දුකටත් එක්කම මං කරෙ හයියෙන් හුස්මක් ඇද්ද එක..

" අරයා ගිහින් ලියද්දෙ ඕක කියයි කියල හිතනවද මයෙ පැටියා....."

" මං දන්නෙ නෑ...ඒත් ලියද්දෙට මගුල් තීන්දුව ගිය වග මුර තැන දන්නව ඇතිනෙ..එහෙම උනොත් ඕක කියයි...ඊට වඩා මේ බතික් කරපු පාරවල් උන්දැ දැක්ක... කොහොමත් නිකන් මැජික් වගේ මේව...ගිහින් තැන තැන නොකියා හිටියොත් පුදුමයක්... "

" මෙහෙ වරෙන් .... ! තුරුලු වෙයන් මයෙ පපුවට... මං උඹලට කාරණාවක් කියන්න අහගනින්...

මේ දේවල් කවදාහරි එලියට එන බව දැන දැනනෙ මං උඹලට ආදරෙ කෙරුවෙ.. උඹත් එහෙමනෙ රත්තරනේ.... ඉතින් කවද හරි දවසක එලි වෙන දේවල් අද එලි උනාම මොකද ම්ම්... කවද හරි වෙන්න තියන් දේවල් ඉක්මනින් වෙලා ඉවර වෙන එක තමයි හොඳ...ඉස්සරහට මොන දේ උනත් එකට ඉම්මු...මට උඹව අත් අරින්න බෑ මයෙ වස්තුව....

වලව් නම්බුව වෙනුවෙන් වත් මට බෑ... ! මට උඹව ඊට වඩා වටිනව...මම අරන් එලියට දාන හුස්ම තරං මට උඹව වටිනව.

මොනම දේ උනත් මට උඹව නැති කරන්න නං එපා...මට වාවගන්න බැරි වෙයි... "

පුංචි බේබි හාදුවක් තිව්ව ඉස් මුදුනටම...

" මාත් ආදරෙයිනෙ...අත් අරින්න බලාගෙන ලං උනෙත් නෑනෙ...ඉතින් මට ඕනා අන්තිම හුස්ම යනකල්ම උඹලා ලඟ ඉන්න සිහිලැල්....හෙට මැරුණත් අද මට ඉන්න දියන්... මෙතන මේ පපුවෙ... "

" ම්ම් වෙන දෙයක් වෙද්දාවෙ..අපි ඉවසන් ඉමු...

බලපන් මයෙ රත්තරන් මොකක්ද කියල ලියද්දෙන් ආව ලියමන... "

එතකොටයි මට මතක් උනෙ මුර තැන අරන් ආව ලියමන...විගහට මම ගත්තෙ කනප්පුව උඩට ඔහේ අතෑරිලා තිබුන ලියුම් කඩ දහිය...ලියද්දෙන් මොන ලියුම්ද.. මගුලට ආරාධනාවක්ද.. පපුවට නොසෑහෙන්න බයක් දැනෙද්දි මම හෙමින් සැරේ ලියුම් කවරෙ කැඩුවෙ මේක මොන මගුලක් උනත් කමක් නෑ මගුල් ආරාධනාවක් නං වෙන්නෙපා කියල.

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now