සීට් එකට ඔලුව තියාගත්ත මම කල්පනා කෙරුව.මම කවුද මොකක්ද කොහෙද.. අඩුම මේ මට මෙච්චරකටම සලකන මනුස්සයා හරි මතකෙට ගන්න මම නොසෑහෙන කල්පනා කෙරුව.ඒත් මට මතකයක් වෙනුවට ආවෙ ඔලුව පුපුරවගෙන යන තරමෙ වේදනාවක්...ඇස් වලින් කඳුලු බිංදු ගැලුවත් යන්තම් අතකින් පිහදගත්තා මිස ආයෙ ආයෙත් කරුණු කාරනා මම අහන්න ගියෙ නෑ... ඒත් මනුස්සයෙක්නේ ඕනවට වඩා ඇයි නිකන් ප්රශ්න...ඒත් මට තාමත් හිතාගන්න බැරි උනේ වෙද මාමා කියපු එක.
මේ උඹලා ආදරෙ කරාපු මනුස්සයනෙ.. ! මම අතරමං වෙලා හිටියෙ ඒ වචන අස්සෙ...
මට දැනුනා කකුලක් උඩ නිදහසේ තියාගෙන හිටපු මගෙ අත සිහිලැල් බේබිගෙ අතට හිර වෙනව..මම බැලුවෙ සිහිලැල් බේබි දිහාව..රතු වෙලා තිබුන ඇස් අස්සෙ තිබුනෙ වෙනම කතාවක්.. අතට හිරවෙලා තිබුන අත අරගත්ත සිහිලැල් බේබි යන්තමින් ඉඹිනකොට මම හිනා උනා...ඒත් මම ඉක්මනින් අත අහකට ගත්තා... මම බලාගෙන සිහිලැල් බේබිගෙ ඇස් අමුතු වෙනවා.
වෙද මාමා කිව්වත් හරි... මම සමහරක් විට ආදරේ කරන්න ඇති... නැතුවත් ඇති.. මට හැඟීම් තෝරගන්න ඕන්නෑ.
මොකද මේ ඉන්නෙත් පිරිමියෙක්... !
" එලියට ඔලුව අත දාන්න එපා ....වාහන නවත්තලා තියනවනෙ "
ජනේලෙන් ඔලුව එලියට දාගෙන වෙලාවකට අත දම දමා කම්මැලි කමේ ආව මට පුංචි බේබි තරවටු කෙරුව..මම ඊට පස්සෙ ආයෙ සීට් එකට ඔලුව තියාගත්තම සිහිලැල් බේබි අහින්සක විදිහට හිනාවෙලා මං දිහා බැලුව.
" තරහ ගත්තට නං කාරි නෑ හොඳද.. ඒත් එලියට අත දාන්නෙපා කිව්වෙ ඔයාගෙම හොඳටනෙ මිතිල ම්ම්ම්....."
" ම්ම්ම්ම්ම්ම්" මම මොකුත් නොකියම ඔහේ බලාගෙන හිටිය....
ඉවරයක් නැති ගමනක මට දැනුනෙ පුදුම කම්මැලි කමක්....ඔහෙ පහු වෙන ටවුන් වලදි විතරක් ඔලුව උස්සල බලන් හිටපු මම ආයෙ ඔලුව කියල හරි ඉස්සුවෙ වැවක් පොකුණක් දැක්කොත් විතරයි..
කිසිම කතාබහක් හෝ නැතුව ආව සිහිලැල් බේබිගෙන් වචන දෙක තුනක් හරි පිට උනෙ.. උකුල උඩට ගෙනත් අතෑරපු දෝසි කැට ටික ඕනෙද... බොන්න මොනා හරි ඕනෙද.. බඩගිනිද අහන්න උනාම විතරයි .... ටිකක් නින්ද යන්නත් ඇති... නින්ද ගිහින් ඇහැරෙනකොට සිහිලැල් බේබි ශීට් එක කඩල තිබුන... ඇහැරපු මම ආයෙත් ඇහැ පියවගත්තෙ දවස් හත අටකින්වත් නින්දක් ලැබුවෙ නැති ගානට...
YOU ARE READING
වසත් දා ස්වර - ✔️
Romance~ නොරිකෝ... !! මේ මල නුඹට... මම නැතත් තව මල් පිපෙනවා හෙටට...~ 🌸