037🎶

225 35 33
                                    

🎶

author pov ,


වසන්තයේ එක් සෙනසුරාදාවකට ඉර පායගෙන ඇවිත් තිබුනා...ගිනියම් වැහි කෝඩෙක තෙමුන රාත්‍රියක් නිමා කරල ගෙවිල තිබුනෙ ඊජිප්තු කැලැන්ඩරේ සතියෙ අවසාන දවස......මහානාම වලව් ගෙදර සේසත් එක අඳුරු මුල්ලක ඔහේ බලන් හිටියා...එක මොහොතක් කොච්චර නම් ඉක්මනින් ක්ශණිකව වෙනස් වෙන්න පුළුවන්ද කියන එක පණ නැති සිමෙන්ති බිත්ති වලටත් හොඳාකාරවම දැනෙන්න ඇති..ගෙදර ගිනි ඇවිලෙන්න අරන් තිබුනෙ පරණ ගිනි යට අලු ඇවිස්සෙන්න ගත්තායෙන් පසුව...

" සිහිලැල්....කතා කරන්න ඕන...."

වසුන්දරා මහානාම කාමරයෙන් එලියට ආව සිහිලැල්ට කතා කෙරුව...ඇහුන නෑහුන ගානට යන්න හදපු සිහිලැල්ගෙ මග නවත්තලා හිටගත්තෙ අයෝමා...

" අහකට වෙනවල....අම්මා උනත් දෙපාර කියන්න තියන්නෙපා කරුණාකරලා පාරෙන් අයින් වෙන්න..."

" අයින් වෙන්න දෙන්නං.... ඊට කලින් මේක අහල යනව...කෝ තමුන්ගෙ මහ ලොකු පොඩි එකා..."

" මිතිල තාම නිදි......ඇයි...."

" වැඩ අල්ලල අල්ලල වේසකං කරල .. අන්තිමෙ උඹවත් නියපොත්තෙ ඉඳන්ම රවට්ටලා දැන් සැපට නිදිද..."

" බලු කටවල් වහගෙන මගෙ එකාට කතන්දර නොකියා මෙතනින් ගියා නම් මොකද..අනික කෙරුව නම් ඌ වේසකම් කෙරුවෙ මා එක්කනෙ..කරන්න ඕනත් මා එක්කනෙ..ඉතින් මොකක්ද මේ අති උතුම් මෑණිවරුන්ට ඒකෙන් ඇති වැඩේ...කරුණාකරල මට මෙතනින් යන්න අරිනවද..."

" යනවා යනවා...මහලොකුවට දෙමල ගෑනු හම්බෙන්න ගිහින් එනකොට මහලොකු මිතිල කිව්වෙ නැද්ද කකුල් එක්කම මතකෙත් අරන් ආව කියල...... ඌඌඋ... කියන්න අමතක වෙන්නැතී..තාම පොඩි එකානෙ....බලන්නකො අයෝමා මගෙ පුංචි හාමු මහත්තයා දැන් සෑහෙන්න මෝඩයට ඇන්දිලා ඉන්නේ...ඊට වඩා හොඳම විහිලුම කාරණේ අපේ නුවණති පුත්‍රයාත් හොඳම එකෙන් ගොනාට ඇඳපු එක....අහ්..ඒවා වැඩක් නෑ සිහිලැල් දැන් යන්න....අමාරු ඇතිනෙ දැන්නං ඇහැරපු වෙලාවක අහලා බලන්නකෝ ඊට අමතරව කී වතාවක් ගොනාට ඇන්දුවද කියල...."

වසුන්දරාගෙයි අයෝමාගෙයි විස දත් අස්සෙ සිහිලැල් දැවටි දැවටි ඉඳල එතනින් යන්න යනකොට ගෑනුන්ගෙ මූණවල් වල තිබුනෙ මහ ජරා හිනාවක්...සමහරක්විට ඉන්දිකටත් වරදින්න ඇති..මේ පාර මිතිල නෙවෙයි සිහිලැල් කියන එක කොහෙන් හරි ඉන්දිකට අමතක වෙන්න ඇති..

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now