018🎶

342 50 50
                                    

ජීවිතෙ අමිහිරිම මතක එක්ක ලස්සනම මතක මුහු කරගෙන අමුතුම කාලයක් ගත කරන මට පිස්සු නොහැදී තිබුනොත් තමයි පුදුම..

හැම මගුලම කැරකෙන්නෙ මගෙ අවාසනාවට....කඩ පිලට ගියහම මට නිකං හැඟෙන්නෙ මිනිස්සු මං දිහා අමුතුවට බලන් ඉන්නව වගෙ..පාරක තොටක ගියත් මිනිස්සු හැරි හැරි බලනව වගෙ...මට දැන් එපා වෙලා..

" අප්පච්චී ... පොඩිම දෙයිනුත් මට ජීවිතේ එපා වෙලා..උඹලා ඉන්න දිහාවකට මාවත් ගනිංකො අප්පච්චී.. මට දැන් ඇති වෙලා මේ පවුකාර ජීවිතෙ .. "

මට ඉකි ගැහුන...

නෙදකිං ලැජ්ජ නෑනෙ

පුංචි බේබිගෙ මාර්ගෙන් වලව්වට පනින්නද කොහෙද

වලව්වෙන් එලවපු උන්

පිහි පාරවල්.වගෙ වචන මයෙ පපුව හරන්න අරන්..මිදුල මැද්දෙ තියෙන හෙන්දිරික්ක මලකට මම දුක කිව්ව... තේරෙනවද දන්නෑ..ඔහේ ඒ මේ අත නටනව.. සමහර මල් වැටිලා පර වෙලා...හෙමිහිට පෑගෙන්නෙ නැති වෙන්න මම හෙන්දිරික්කා වැට ලඟ සක්මන් කරෙ පුංචි බේබි දැන් එයි දැන් එයි කියල හිතාගෙන...මම මග බැලුවා පුංචි බේබි එනකල්... පුංචි බේබි එන පාටක් නෑ......

මට පුංචි බේබිව ඕනෙ උනා ... දුක කියන්න අඬන්න... මිනිස්සු මට මෙහෙම කිව්ව කියන්න.. ඒත් මට මං ගැන පුදුමයි .. තුවාලෙකටවත් අඬපු නැති මං .. අප්පච්චී නැතිවත් ඔලුව උස්සලා ඇවිදපු මං .. කාටවත් ඔලුව නැව්වෙ නැති මං අද පාරකින් ඇවිදන් ආවෙත් ඔලුව නවාගෙන..

" මයෙ දරුවා.... ! ඔලුව උස්සපන්... "

පුංචි බේබිගෙ කටහඬ විතරක් කන් අස්සෙ දෝංකාර දෙනව... දෙනදාට ලස්සනට පායන හඳ... බඹරෙක්ට රොන් ගන්න ලාවට එලිය දුන්න හඳ එලිය අද හරි මූසලයි..

මොකක්දෝ නොදන්න හැඟීමකින් මගෙ මුලු පපුවම වැහිලා ගිහින්...

හඳ අහසට මෝදු වෙලා... පුංචි බේබි තාම නෑ... වාහනේවත් යන සද්දයක්වත් ඇහුනෙත් නෑ... කරදරයක්වත්ද ... නෑවිත් ඉන්නෙ නෑනෙ නැත්තං...එනකොට රෑ වෙයි කියලත් කිව්ව හැබැයි ...

දවල් ඉඳලම පුංචි බේබි එනකල් මග බලපු මගෙ ඇස් වලට දැන් සෑහෙන්න වෙහෙසයි.. ඉල්ලන්නෙ සුව පහසු නින්දක්.. ඒත් පුංචි බේබිගෙ බැල්මක්වත් නැතුව.. අඩුම ආවද නැද්ද කියලවත් නොදැන.. මේ කඩුල්ල ලඟට ඇවිත් පාර බලපු කී වෙනි වතාවද කියල මට මතක නෑ.....

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now