" සර්...... පොත් දෙකක් එක සැරෙ පබ්ලිශ් කරන්නෙ කොහොමද...."
සාප්පුවෙ ලියන මේසෙ ලඟ ඉඳගෙන ලියන විරාමෙ ලැබුන කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඉන්නකොට මගෙන් ඇහුවෙ මගෙ උදව්වට සාප්පුවෙ වැඩට ඉන්න කොල්ලා.... රන්සර....
ඉස්සර හවසට භවාන්ගෙන් කෝපි එක ලැබෙන වෙලාවෙන් විනාඩි පහක් පරක්කු වෙන්න මට ලැබෙන කෝපි එක ප්‍රදාන ආහාර වේලක් වගෙ මටම පත්තියන් වෙලා තිබුන..
" එක සැරේ පොත් දෙකම පබ්ලිශ් කරන්නෑ රන්සර...එකයි පබ්ලිශ් කරන්නෙ...ඒකෙනුත් පිටපත් පහක් විතරයි..."
" ඇයි සර් පහක්....සර්ගෙ පොත එලියට එනකල් දහස් ගානක් මිනිස්සු බලන් ඉන්නවනෙ..."
" ඒක එහෙම උනත්...කොච්චර ආසාවෙන් මිනිස්සු බලන් හිටියත්..ඒ කතාව එච්චර ලේසියෙන් මිනිස්සු කියවන්න ඕන පොතක් නෙවෙයි රන්සර..."
" ඇයි තීර්ත සර් එහෙම කිව්වෙ...."
" ඒක එහෙම වෙන්න මේකනෙ හේතුව රන්සර....මගෙ පොත එලියට ආවෙ මගෙ ජීවිතෙ වෙන්න ඕන හැමදේම වෙලා ඉවර උනාට පස්සෙ...මට අහිමි වෙන්න හොඳ නැති දේවල් මේ සමාජෙ නිසාම නැති උනාට පස්සෙ..ඉතින් ඒ සමාජෙම අහිමි වෙලා ගිය මගෙ ආදරෙ කතාව බලන්න කියවන්න දාහක් මිනිස්සු හිටියත් කිසිම වටිනාමක් නැතුව සල්ලි වලට විකුනන්න මගෙ කිසිම කැමැත්තක් නෑ.... ගානක් අය නොකරම ගන්න මුද්‍රණ පහක් පුස්තකාල වලට දෙනව...එතනින් කියවන්න ඕන අය පෝලිම් ගැහිලා කියවයි...
පිලිකුල් කරපු කතාවක් තවත් කාලෙක පිලිකුල් නොකරන්න හේතුවක් තියනව වගෙ තමයි රන්සර මගෙ පොතටත් නියම කාලෙදි නියම තැන ලැබෙයි..ඉතින් ඒ වෙනුවෙන් මට සල්ලි උවමනා නෑ.මොකද මට නැති වෙන්න ඕන හැම දෙයක්ම නැති වෙලා ඉවරයි....
පොතක් උනත් ලැබෙන්න ඕන කියවන්න දන්න කෙනෙක් අතටනෙ..ඉතින් ඒකට ගැහැනිය නැමති පොත වෙනුවට සමරිසි ප්‍රේමයක කතාවත් එකතු කරන එක මම හිතන්නෑ ලොකු වරදක් කියල..."
" එතකොට අනිත් පොත..."
" අවුරුදු දහයක එකොලහක ඉඳන් ස්වරෙන් ස්වරේ ලියවෙන පොතට මම තාම නමක් වත් හිතලා නෑ රන්සර...
YOU ARE READING
වසත් දා ස්වර - ✔️
Romance~ නොරිකෝ... !! මේ මල නුඹට... මම නැතත් තව මල් පිපෙනවා හෙටට...~ 🌸