049🎶

291 31 23
                                    


"භවාන්........................."


.
.
.
.
.


" සිහිලැල් පුතේ........."

" තාත්තප්පා ... "

" මගෙ දරුවෝ....උන දේවල් වෙලා ඉවරයි...ඒකා හිතුවක්කාර උනා මගෙ දරුවෝ....

මෙතනින් යන්න එපා දවස් දෙකක් ඉඳලා යන්න කිය කිය පෙරැත්ත කරනකොටත් මම මෙතනින් යන්න ගියෙ මගෙ කොල්ලා සිහිලැල් පුතා එක්ක හොඳින් සතුටින් ඉඳී කියල..

ඒ කොල්ලා අත් ඇරියා මගෙ පුතේ..."

" තාත්තප්පා...ම් මම ම් මම හ් හිතල කිව්වෙ නෑ....ඔයාට වෙන කෙනෙක් හිටියොත් මම මොකද කරන්න ඕන ඇහුවම මම මැරෙන්න කිව්වෙ තාත්තප්පා ම් මට එහෙම කව්රුත් න් නැති හින්දනෙ....ම් මට ද් දරුවො න් නෑ තාත්තප්පා ..

ඒ ද් දරුවා සීලම්මගෙ ද් දුවගෙ දරුවා...අප්පච්චි නැති අ අඩුවට මට අප්පච්චි කියන ක් කෙල්ලට අම්මා මගෙත් අම්මා තාත්තප්පා...අත දරුවා කාලෙ අරන් ආවම මම ක් කෙල්ලට නම් තිව්වෙ මගෙ ක් කොල්ලා මතක් ව් වෙන්න තාත්තප්පා...

ද් දැන් ක් කෝ මගෙ ක් කොල්ලා...ඒකා මාව ද් දාලා ගිහින්නෙ තාත්තප්පා..මම මොන වරද කරාටද තාත්තප්පා මට කියල ම් මේ ලෝකෙ තියන වස්තුව මෙහෙම උදුරන්නෙ...හිතක් පපුවක් නැද්ද තාත්තප්පා...දෛවය හ් හරි නපුරුයි තාත්තප්පා .... "

" ඒකට පින නෑ සිහිලැල්...හිත හදාගන්න බලපන් මගෙ පුතේ...ආදරයක් උනත් ඕන මිනිහෙක් ලබාවි හැබැයි දෙවියෙක් වගෙ මිනිහෙක්ගෙන් ආදරෙ ලබන්න හැම එකාම පින් කරන්නෑ...සමහර විට උඹලගෙ ආදරෙ අයිතිකාරයා මිතිල නෙවෙයි වෙන්න ඇති..."

" මගෙ පලවෙනියත් අන්තිමයත් එයා තාත්තප්පේ..ඕනම මනුස්සයෙක්ගෙ ජීවිතෙ හොඳම හමුවීම කියන එක මුණ ගැහෙන්න කලින් ඕන තරම් මිනිස්සු හම්බෙලා තියෙන්න පුළුවන් .. හැබැයි මගෙ පලවෙනි එකම අන්තිම එක උනාම....තාත්තප්පා මම කොච්චර පව් කාරද...."

" උඹ පවුකාර නෑ පුතේ......ඒකට පින නෑ...සමහර මිනිස්සු ඉන්නව අතට ලැබුන දේ කටට දාගන්න පින නැති මිනිස්සු..මම හැදුවා කියල නෑ මිතිල කියන්නෙ උඹව අහිමි කරගත්ත පවු කාරයෙක්...

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now