034🎶

325 49 21
                                    

නුවර වෙනුවට මට සිරීපාදෙ ගැන හිතුන..බේබි එක්කම කරුණා කරන්න.කවදාවත් නැති මේ වගෙ ආසාවල් මට හිතුන මාරයට තුන් වතාවක් උත්සහ කරලත් ගන්න බැරි උන ජීවිතෙ අන්තිම අඩියට ඇවිල්ල වත්ද කියල....

" මයෙ අම්මා එනවද රෑ වෙලා කුඹුරෙ යන්න..."

නුවරයි ශ්‍රීපාදෙයි මරණයයි මාරයයි අතරෙ ලොකු කල්පනාවක හිටපු මම පියවි සිහියට ආවෙ බේබිගෙ කටහඩින්..ආව විතරයි ඇඳේ ඇලවුන මම බේබිට ඉඩ හදල ටිකක් අයිනට උනා..

බේබි ඇඳෙන් ඇලවෙන බර විතරක් මට දැනුනෙ මම හිටියෙ ඇස් පියාගෙන..බේබිගෙ උණුහුම් හුස්ම විතරක් මට දැනෙනකොට ඇඟට යටින් දාපු අත බේබි මාව ලඟට ගත්තා....අවස්තාවක් එනකල් මග බලන් හිටපු මම බේබිගෙ තුරුලට පැනල මූණ හංග ගත්තා.

" මොකද මේ හුරතල් වෙන්නෙ ම්ම්...."

පිට පුරා අත් යවන ගමන් බේබි ඇහුවම මම ගුල හාරන් රිංගන මීයා වගෙ සද්ද නොකරම තව තවත් බේබිටම ගුලි උනා...

" කෝ මෙහෙ එන්නකො ටිකක්..ඔහොම නිදාගත්තම මට පාලුයිනෙ...ඔහොම නිදාගන්න බැරිද රෑට ම්ම්....

ලැබෙන වෙලාව වත් මට නිදහසේ උඹව විඳින්න දියන්කො මයෙ අම්මා...."

බේබි ඉල්ලනකොට මම බේබිගෙ තුරුල්ලෙන් ටිකක් ඈත් වෙලා අත උඩින් ඔලුව තියාගත්ත..බේබි මගෙ ඇස් දිහා බලන් ඉන්නකොට මම ඇහි පිල්ලම් නොගහම ඒ දිහා බලන් ඉන්නව.

ග්‍රීක් පිලිමෙක විඳින්න කොච්චර දේවල් තියනවද..එච්චරකට විඳින්න පුළුවන් හැඩ බේබිගෙ තිබුන.

" බේබි....... ඔයා ග්‍රීක පිලිමයක් වගෙ... මම ඔයාට කොට්ටෙකින් ගහන්නද..."

" ඇයි ආයෙත් ආදරෙ වැඩි වෙලාද ම්ම්...." බේබි බැලුවෙ මම අතකින් අල්ලන් ඉන්න කොට්ටෙ දිහා...ගහයි කියල හිතෙන්නැති.

" බේබි අප්පච්චිගෙ සොහොන.... කාලෙකින් හීනෙකටවත් ආවෙ නෑ...සුද්ද නොකරපු හන්දද දන්නෙ නෑ...."

" එහෙම නෑ මයෙ අම්මා...මම සුද්ද කරනවනෙ...වතාවල් කීපයක්ම..පෙරේදත් සුමනෙ ලව්වා සුද්ද කෙරෙව්ව..මුලු ගේම වත්තම එක්ක...."

" ඇත්තමද........"

" ම්ම්...ඔව්....ඒව පාලුවට යන්න ඇරල හරියනවද . එව්වා මතක දොරටු..ලස්සන ලස්සන කතාවල් ලියවෙල තියන තැන්..ගලේ නොවුනත් හිතේ කොටල කුරුටු ගාල තිබුන මතකවල්..."

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now